Abstract:
භාෂාව හා සාහිත්‍යකරණය - ආදී රෝම අදහස් විමසුමක්
බටහිර සම්භාව්‍ය සාහිත්‍ය ඇසුරින් මා ඔබ හමුවට පැමිණෙන්නේ සෑහෙන කාලයකට පසුවය. මීට හේතුව වශයෙන් දැක්විය හැක්කේ පසුගිය වකවානුව තුළ ගී්රක නාට්‍ය පිළිබඳ තරමක ගැඹුරු අධ්‍යයනයක නිරත ව සිිටීමය. අධ්‍යයනය පර්යේෂණයක මුහුණුවරකින් අවසානයක් දුටුවේ නූතනයේ වේදිකා ගත කරන්නට යෙදුණ ගී්රක නාට්‍ය පරිවර්තන සහ අනුවර්තන දක්වා හැදෑරීමේ පරාසය පුළුල් කරමිනි. මෙය මහ`ගු අත්දැකීමක් වූයේය. එහි ප්‍රතිඵල නොබෝ කලකින් සිංහල පාඨකයා වෙත ග්රන්ථ මුහුණුවරකින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි. ශාස්තී‍්‍රය ලිපි කිහිපයක් මගින් ඉංගී්රසි පාඨකයින් වෙත ඇතැම් හෙළිදරව්වන් දැනට ම ඉදිරිපත් කර ඇත.
බටහිර සම්භාව්‍ය සංස්කෘතිය පිළිබඳ ව සිංහල භාෂාවෙන් රචනාවෙහි යෙදීමට මා ඈත් කර තැබූ තවත් කරුණකි. ඒ නම් ඇතැම් සිද්ධීන් ඇසුරින් මගේ සිත තරමක් සසල වී තිබීමයි. මෙම විෂය පිළිබඳ ව සිංහලෙන් ලියැවී ඇති පොත් ඇත්තේ නම් ඒ ඉතා අල්ප වශයෙනි. ඇතැම් පොත්වලින් සාකච්ඡුාවට නැංවෙන කරුණුවලට අමතර ව පාඨකයාට සංස්කෘතිමය පසුබිමක් ලැබෙන්නේ ද නැත. මේ නිසා සමහර අය සිංහලෙන් ලියැවී ඇති පොත්පත් පමණක් පරිහරණය කර, මනෝමය උපකල්පනයන් ඔස්සේ විෂය පිළිබඳ ව සාකච්ඡුා කිරීමට පෙළඹෙති. එම තර්ක විමසන විට පෙනී යන්නේ පුළුල් ලෙස හෝ ගැඹුරින් ඒ පිළිබඳ ව ඔවුන් හදාරා නැති බවයි. මෙවන් අවස්ථාවල මා සිංහලෙන් විෂය කරුණු ඉදිරිපත් කර තිබීම අනුවණකමක් දැයි සිතී මා මනස සසල විය. මීට ප්‍රතිවිරුද්ධ ව නැ`ගුණ තර්කය නම් දන්නා දේ තම මව් භාෂාවෙන් පාඨක හමුවෙහි නොතැබීම කුහකකමක් යැයි යන සිතුවිල්ලයි. මේ සියල්ල හේතු කොට ගෙන විරාමයකින් අනතුරුව මම ඔබ අතරට එමි.
ඉහත දැක්වූ කාලය තුළ ශාස්තී‍්‍රය ග්රන්ථ සම්පාදනය කිරීමකට යොමු නොවුවත් නිර්මාණකරණය වෙත යොමු වූ අවස්ථා ඇත්තේය. මෙම නිර්මාණ ඉංගී්රසි මාධ්‍යයෙන් කවි හා කෙටිකතා එකතූන් වශයෙන් මුද්‍රණය කළෙමි. මෙම කෘති මගේ හදවතේ සිහින සැබෑ කළ මගේ ම දරුවන් වශයෙන් සලකමි.
සාහිත්‍ය රසාස්වාදය හා සාහිත්‍යය ඇගයීමේ මිනුම් ද`ඩු වෙත මාගේ සිත යොමු වීමට ඉහත කරුණු ද පාදක වන්නට ඇතැයි සිතමි. විශ්වවිද්‍යාලයෙහි බටහිර සම්භාව්‍ය සාහිත්‍ය විචාරය විෂයයක් වශයෙන් ඉගැන්වුවත් එම විෂයයෙහි ප්‍රායෝගික වටිනාකම වැටහෙන්නට වූයේ කලා නිර්මාණකරුවකු වශයෙන් මුහුණ පාන්නට සිදු වූ ඇතැම් කරුණු හේතු කොට ගෙනය. සාහිත්‍ය විචාරකයන් හා සාහිත්‍ය විනිශ්චය කිරීමට යෙදෙන්නන් සාහිත්‍ය ඇගයීම දෙස පුළුල් දෘෂ්ටි කෝණයකින් විමසුමක යෙදීමට පෙළඹෙන්නේ නම් එය කොතරම් යහපත් වන්නේ දැයි සිතුනු වාර අනන්තය. සාහිත්‍යකරණය භාෂාව අතර තිබෙන සහ තිබිය යුතු සම්බන්ධතාවය වෙත මනස යොමු වූයේ මින් අනතුරුවය.
සාහිත්‍ය කෘතියක් භාෂා, ව්‍යාකරණ හා සෘජු නීතිරීති ඔස්සේ ගණනය කිරීම කොතරම් සාධාරණ වන්නේ ද? සාහිත්‍යය මගින් සහෘදයාගේ චිත්ත සන්තානය ආමන්ත්‍රණය කිරීමේ ප්‍රයෝග වැරදි ලෙස වටහා ගැනීම සිදුවිය යුත්තක් ද? ආවේගයක් ජනිත කළ හැක්කේ ආවේගයක් ප්‍රතිනිර්මාණය කිරීමට සහජ හැකියාවක් තිබෙන, එය ප්‍රවර්ධනය කර තිබෙන දක්ෂයකුටය. එහෙත් ආවේගයක් ප්‍රතිනිර්මාණය කිරීමේ දී එය ස්වභාවික ලෙස ඉදිරිපත් කිරීමට යෑමේ දී ඇතැම් නීතිරීති උල්ලංඝනය නොවන්නේ ද? මනුෂ්‍ය ආවේග හා කෘත්‍රිම සීමා කොතෙක් දුරට සමබරතාවයකින් තබාගත යුතු ද? මෙවැනි ප්‍රශ්න ආදි රෝමයේ ජීවත් වූ සාහිත්‍ය විචාරකයින්ගේ අවධානයට යොමු වී ඇති අයුරු මෙම කෘතියෙන් ගෙන හැර පෑමට උත්සාහ කරමි.
භාෂාව හා සාහිත්‍යකරණය පිළිබඳ ව හදාරද්දී කලාකරුවා සතු සමාජ ඥාණය පමණක් නොව ඔහු තුඝ ඇති අන් අයගේ මනෝභාවයන් තේරුම් ගැනීමට ඇති දක්ෂතාවය පවා කොතරම් දුරට බලපාන්නේ දැයි මෙම අධ්‍යයනයේ දී යමකුට පසක් වන්නේය. කෙනකුගේ තරාතිරම පමණක් නොව අභ්‍යන්තර චිත්ත සන්තානයන් පවා හෙළිවන ප්‍රධානතම මාර්ගය වන්නේ ඔහුගේ මුවින් පිටවන වචන හා ඒවායේ පෙළගැස්වීමයි. මේ පිළිබඳ ව මනා අවබෝධයක් තිබෙන්නෙකුට අනුකරණය අපහසු කාර්යයක් නොවන්නේය. දැනීම හා ඤාණය හැදෑරීම ඔස්සේ පමණක් නොව සිහි බුද්ධියෙන් ජීවත් වීම හා සංවේදීකම ඔස්සේ ද ගොනු කරගත හැක. හොරස් මේ පිළිබඳ ව පැහැදිලි අර්ථකථනයක් සපයයි.
ලොංජයිනස් උනන්දු වී ඇත්තේ භාෂාව හැසිරවීම හා ආවේග උද්දීපනය පිළිබඳ ව නිර්මාණකරුවකු ලබා ගෙන ඇති දැනීම ප්‍රායෝගික වශයෙන් කි‍්‍රයාවට නැංවිය හැකි ආකාරය පිළිබඳ ව විග්රහ කිරීමටයි. ආවේගයක් අනුකරණය කරන්නෙකු තමා ඉදිරිපත් කරන දෙයට අවංක වන්නේ නම්, ඔහුගේ භාෂාව සාමාන්‍ය තත්ත්වයේ සිටින්නකු භාවිත කිරීමට යෙදෙන භාෂාව මෙන් මටසිළුටු ක්රමානුකූල ලෙස පෙළ ගස්වන ලද වාග්මාලාවක් විය හැකිද? එවැනි නිවැරදි මාධ්‍ය ඔස්සේ තමා ප්‍රතිනිර්මාණය කිරීමට උත්සාහ කරන හැ`ගීම් සාර්ථක ලෙස ඉදිරිපත් කළ හැකිද? ඒ ලොංජයිනස් අසන ප්රශ්නයයි. කලාවත් ස්වභාවික බවත් අතර තිබෙන්නා වූ අන්තර් සම්බන්ධතාවය හේ විමසුමට ලක් කරයි.
මෙම කෘතියෙන් ඉදිරිපත් කිරීමට යෙදෙන ප්ලූටාක්ගේ අදහස් සොයා ගැනීමට පවා බෙහෙවින් අපහසු විය. එහෙත් ඔහු විසින් රචිත කලා කෘතියක් කියවිය යුතු ආකාරය පිළිබඳ දක්වා ඇති අදහස් ඔහු සාහිත්‍යය පිළිබඳ ව දක්වන අදහස් පැහැදිලි කරයි. ඔහුගේ අදහස නම් යමක් කියවීමේ දී සිදුවන්නේ රචකයා හා පාඨකයා අතර ගනුදෙනුවකි. මේ ගනුදෙනුවේ දී රචකයා පමණක් නොව පාඨකයා වෙත ද සෑහෙන වගකීමක් හා කාර්යභාරයක් තිබෙන්නේය. සාහිත්‍යය නියමාකාරයෙන් වටහා ගැනීමට හා ඇගයීමට ලක් කිරීමට නම් පාඨක මනස ඒ සඳහා පෙර පුහුණුවක් ලබා විවෘත ව තිබීම අනිවාර්ය වන්නේය. භාෂාව හා සාහිත්‍යකරණය අතර තිබෙන ගණුදෙනුව තේරුම් ගත හැක්කේ ද එවැන්නකුට පමණි.
න්‍යාය ධර්මයන් හා තමා හෝ අනුන් විසින් පනවා ඇති නීතිරීති, වැට කඩොළු හා සීමා බන්ධන ඔස්සේ යමකු සාහිත්‍ය විචාරයක යෙදෙන්නේ නම් එය සාහිත්‍යධරයාට කරන බලවත් අසාධාරණයකි. ඔහුගේ ස්වාධීනත්වයට හා නිදහස් චින්තනයට කෙරෙන අභියෝගයකි. කලාකරුගෙන් බලාපොරොත්තු වන්නේ නිර්ව්‍යාජ ප්රකාශනයයි. එසේ කිරීම සඳහා ඔහුට ස්වාධීනත්වයක් අත්‍යවශ්‍යය.
ආදි රෝමයෙහි විසූ සාහිත්‍ය විචාරකයන් තිදෙනකු විසින් ඉදිරිපත් කරන ලද සාහිත්‍ය නිර්මාණකරණය හා භාෂාව පිළිබඳ ව අදහස් නූතන පාඨකයන් වෙත ඉදිරිපත් කළ යුත්තේ යැයි තීරණය කෙරුණේ එහි කාලීන වැදගත්කම හේතු කොට ගෙනය.