Abstract:
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්රයේ වේගවත් සංවර්ධනයන් සහ ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය (LMS) ඇතුළු විද්‍යුත් ඉගෙනුම් මෙවලම් භාවිතය අධ්‍යාපන ක්‍රියාවලීන් සඳහා අත්‍යවශ්‍ය වී තිබේ. බොහෝ උසස් අධ්‍යාපන ආයතන ඉගෙනීමේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම, ඉගෙනුම්කරුවන්ට තාක්ෂණික කුසලතා ඇති කිරීම, ඉගෙනගන්නන් වඩාත් අන්තර්ක්‍රියාකාරී වීමට දිරිගැන්වීම සහ උපදේශන ක්‍රියාවලීන්හි කාලය හා අවකාශයේ සීමාවන් ඉවත් කිරීම සඳහා LMS භාවිත කර ඇත (අල්-සයිඩියීන්, සහ වෙනත්, 2008; චැං,2008). උසස් අධ්‍යාපනයේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට සහාය වීම සඳහා මූඩ්ල් වැනි ඉගෙනුම් කළමනාකරණ පද්ධති භාවිත කරන විට බොහෝ වාසි ඇත. සිසුන්ගේ සහයෝගය සහ මාර්ගගත අන්තර්ක්රිරියාකාරිත්වය සඳහා වන එහි ඇඟවුම් ද සලකා බලනු ඇත. තවද මෙමගින් විවිධ ඉගෙනුම් පරිසරයන්හි සහයෝගීතාවයකට අධ්‍යාපන නියෝජිතයින් යොමු කරයි. එහිදී ඔවුන්ට මුහුණට මුහුණලා ඇති උපදෙස්, පරිගණක-මැදිහත් උපදෙස්, මිශ්‍ර-ඉගෙනුම් සමඟ ඒකාබද්ධ කළ හැකි අතර එමගින් මානව සන්නිවේදනයේ වඩා හොඳ ගුණාත්මකභාවය සඳහා ඇති හැකියාව වැඩි කරයි. ඉගෙනුම් කළමණාකරණ පද්ධතිවල පොදු සංරචක වල සමමුහුර්ත හා අසමමුහුර්ත සන්නිවේදන මෙවලම්, කළමනාකරණ ලක්ෂණ සහ තක්සේරුකරණ උපයෝගිතා අඩංගු වේ.