Abstract:
මානව සබඳතා ඇතිවීමේ හා වර්ධනය වීමේ නිශේධනීය ප්‍රතිඵලයක්
වශයෙන් ගැටුම හඳුනාගත හැකිය- ඇතැම් අවස්ථාවන්හි දී ගැටුම තුළින්
යහපත් තත්ත්වයන් උදා කරන බවට මත පැවතිය ද වඩාත් අවිවාදාත්මක
වන්නේ ගැටුම වූ කලි සමාජය අස්ථාවරත්වය උදා කරන විනාශකාරී
ක්‍රියාවලියක් වන බවයි- ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයේ දැක්වෙන පරිදි
“ගැටුමක් යනු ප්රචණ්ඩ හැප්පීමක්, අරගලයක් හෝ හරඹයක්, මානසික
වශයෙන් සිදුවන අරගලයක්” වශයෙන් අර්ථකථනය කර ඇත- මේ අනුව
ගැටුම යන්න විවිධාකාරයෙන් හඳුනාගත හැකි අතර එය කායික
වශයෙන් මෙන්ම මානසික වශයෙන් ද සිදුවන්නා වූ ක්‍රියාවලියක්
වශයෙන් හඳුනාගත හැකිය- මේ අනුව මෙම ලිපියේ ප්‍රධානතම අරමුණ
වන්නේ දිග්ගැස්සුණු ගැටුමක් වශයෙන් ලොව තුළ බොහෝ
කතිකාවන්ට භාජනය වූ සුඩාන් අර්බුදය පිළිබඳව විමර්ශනය කිරීමයි-
මෙම අධ්‍යයනය සඳහා අවශ්‍ය තොරතුරු සපයා ගැනීම ද්විතියික
තොරතුරු මූලාශ්‍ර මත පදනම්ව විස්තරාත්මක ක්‍රමවේදය යොදා ගනිමින්
තොරතුරු රැස් කරන ලදි- සුඩාන අර්බුදය සම්බන්ධව අවධානය යොමු
කිරීමේ දී ගැටුමට අදාළ මූලයන්, ගැටුමේ ස්වභාවය, වර්ධනය හා සුඩාන
අර්බුදය විසඳීමට ගත් උත්සහයන් පිළිබඳව මෙම අධ්‍යයනයේ
අන්තර්ගත වී ඇත-