Abstract:
මානවයා තම අදහස් එකිනෙකා අතර හුවමාරු කර ගැනීමේ ක්‍රියාවලිය සන්නිවේදනය ලෙස සරලව ඉදිරිපත් කළ හැකිය. තාක්ෂණික දියුණුවත් සමඟ වර්තමානයේ සන්නිවේදනය ඉතාමත් සරල ක්‍රියාවක් බවට පත්ව ඇත. වර්තමාන තාක්ෂණයේ ඇතිව ඇති දියුණුවත් සමඟ පුද්ගල සබඳතා බිඳ වැටීමේ ප්‍රවණතාවයක් ගොඩ නැගී ඇත. වත්මන් පුද්ගල මනෝභාවයන්ට අනුව ඒකාකාරී ජීවන රටාවේ සමාජය තුළ යම් හුදකලා බවකට වත්මන් මිනිසා මුහුණ දෙමින් සිටී. මෙහි දී ඇතිවන රික්තකයට විසඳුම් සෙවීමේ දී සමස්ත සමාජය තුළ සමාජ මාධ්‍ය භාවිතය ප්රමුඛ වී ඇත. අතීතයේ රූපවාහිනී, ගුවන්විදුලි මාධ්‍යයන් වටා පවුල යන ඒකකය විසිරී පැවතිය ද වර්තමාන සමාජ මාධ්‍ය ඔස්සේ සන්නිවේදන ක්‍රියාවලිය තුළ පුද්ගල කේන්ද්‍රීය වපසරියක් තුළ නිර්මාණය වී තිබේ. එම නිසා විෂම සමාජ පුද්ගල අවශ්‍යතාවන්ගේ ස්වරූපය ද විවිධ දිශානතීන් ඔස්සේ ව්‍යාප්ත වී ඇත. වර්තමාන සමාජය සමාජ මාධ්‍යවලට ඇබ්බැහි වීම මගින් අනුකරණය හා පෙළඹීම හේතුවෙන් එකිනෙකා අතර සහ සම්බන්ධතාව අවම වීම සමාජයේ බහුලව දක්නට ලැබේ. සමාජ මාධ්‍ය පුද්ගල සම්බන්ධතාව කෙරෙහි බලපෑමක් ඇති කරන්නේ ද යන්න මෙම පර්යේෂණයේ ගැටලුව වේ. මෙම පර්යේෂණයේ ක්‍රමවේදය ලෙසට ද්විතීක මූලාශ්‍ර යොදා ගන්නා ලදී. එහි දී පුවත්පත්, සඟරා, අන්තර්ජාල ලිපි උපයෝගී කරගනිමින් දත්ත රැස් කර ගන්නා ලදී. තව ද මනෝවිද්‍යා උපදේශකයන් හා සමාජ විශ්ලේෂකයන් සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡා මගින් ද මෙම පර්යේෂණයට අවශ්‍ය වන තොරතුරු රැස් කර ගන්නා ලදී. එසේ රැස් කළ දත්ත විශ්ලේෂණයේ දී නිගමනය කළ හැකි කරුණු වූයේ වර්තමානයේ තාක්ෂණික දියුණුවත් සමග මාධ්‍ය ජාලා මගින් පුද්ගල සම්බන්ධතාවයන්ට වයස් සීමාවකින් තොරව සෘජු හා වක්‍ර බලපෑම් රාශියක් එල්ල කරමින් සමාජයේ සයිබර් මානසිකත්වයක් ගොඩ නගමින් සිටින බවයි. මෙම සමාජ මාධ්‍ය හේතුවෙන් වත්මන් සමාජයේ පවුල් සංස්ථාව තුළ ආරවුල් ඇතිවීම්, විවාහ දෙදරා යාම් හා අනියම් සබඳතා ගොඩනැගීම්, විවිධ අපචාර සිදුවීම් ආදිය දක්නට ලැබේ. වර්තමාන සමාජ, සංස්කෘතියේ පුද්ගලයින් අතර සබඳතා ගොඩනඟා ගැනීමට නොහැකි වී ඇත්තේ සමාජ මාධ්‍යයන්ගේ ඇති අසීමිත අහිතකර බලපෑම් හේතුවෙනි යන්න මෙම අධ්‍යයනයේ දී නිගමනය කළ හැකිය.