Abstract:
සංවර්ධිත රටවල් විසින් සංවර්ධනය වෙමින් පවතින රටවල පවතින සමාජ ,ආර්ථික හා දේශපාලන ක්ෂේත්‍ර කෙරෙහි මැදිහත්වීම ඉලක්කකොට ගත් ක්‍රියාවලිය නව යටත්විජිතවාදය ලෙස හඳුන්වයි. ලෝකයේ සම්පත් බෙදාහැරීම සහ සම්පත් හිමිකම පදනම් කොට ගෙන සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් ලෙස වර්ගීකරණයකට ලක් කර ඇත. මෙහි අරමුණ වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල් කෙරෙහි නව යටත්විජිතවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන ආකාරයත් එහි බලපෑම නිසා එම රටවල්වල සිදූ වී ඇති පරිවර්තනයන් පිළිබඳව විමර්ෂණය කිරීමයි. පර්යේෂණය සඳහා පාදක වන අධ්‍යයන ගැටළුව වනුයේ, සංවර්ධනය වෙමින් පවතින රටවල සමාජ,ආර්ථික හා දේශපාලන සබඳතාවන් තීරණය කිරිමෙහිලා නව යටත්විජිතවාදය බලපෑම් කරන්නේ කෙසේද? යන්න වේ. මේ සඳහා ද්විතියික දත්ත උපයෝගී කරගත් අතර දත්ත සපයා ගැනීමේදී සංවර්ධනය වෙමින් පවකින රටවල් පිළිබඳව,දකුණු ආසියානු කලාපය මෙන්ම නව යටත්විජිතවාදය සම්බන්ධයෙන් පළ කරන ලද පොත්පත් ,පර්යේෂණාත්මක ලිපි මෙන්ම වෙබ් පිටු ද භාවිතා කරන ලදී. දත්ත විශ්ලේෂණය විස්තරාත්මක හා සන්සන්දනාත්මක ක්‍රමවේද උපයෝගි කරගන්නා ලදී. මෙහිදි අනාවරණය කර ගත හැකි කාරණා වුයේ, නව යටත්විජිතකරණය වු කලී යටත්විජිතකරණයේ නව්‍ය ස්වරූපය වන බවත් එය ක්‍රියාත්මක විමේදී ,බහුජාතික සමාගම් , ණය සහ ආධාර , දේශපාලන මැදිහත්වීම හා යුධමය මැදිහත්වීම් යන ප්‍රවේශ ප්‍රධාන වශයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල ක්‍රියාත්මක වන බවත්, සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික කටයුතු සිදු වන්නේ පිටස්තර අවශ්‍යතා සපුරා ගැනීමටකට යටත්ව වන බවත් විදේශ අරමුදල් සහ බහුජාතික සංස්ථාවන් මිනිස් ශ්‍රමය සුරා කන අතර රටක තිබෙන අමුද්‍රව්‍යය ඉතා අඩු මිලදී ගැනීමකට යටත්ව සිදු කරන බවත් හා දේශපාලන වශයෙන් තමන්ට වාසි දායක තත්ත්වයන් ඇති කිරිම සඳහා කටයුතු කරන බවත්ය. ඒ අනුව නිගමනය කළ හැක්කේ නව යටත්විජිතවාදය ඉතා උපක්‍රමශිලිව වක්‍රාකාරයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල ක්‍රියාත්මක වන බවත් එම නිසාවෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල සමාජ, ආර්ථික, දේශපාලන , පාරිසරික , සෞඛ්‍යමය හා සංස්කෘතික යනාදී වශයෙන් විවිධ අභියෝග නිර්මාණයවීමෙන් දරුණු බිඳ වැටිමකට ලක් වි ඇති බවයි.