Abstract:
ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින covid 19 වෛරසයෙන් පීඩාවට පත් මැදි ආදායම් ලබන රටක් ලෙස ශ්‍රී ලංකාව හැඳින්විය හැකිය. ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයා දෙන කර්මාන්ත අතරින් තෙවැනි විශාලතම ව්‍යාපාරය වන්නේ සංචාරක කර්මාන්තයයි. 2019 වර්ෂයට සාපේක්ෂව 2020 වසරේ ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා ශ්‍රී ලංකාවට සංචාරකයින්ගේ පැමිණීම 60%කින් අඩු වී ඇත. එසේම මෙම කාලය තුළ විශාලතම සංචාරක ප්‍රභව වෙළෙඳපොළ ඉන්දියාව බවට පත්ව තිබෙන අතර ශ්‍රී ලාංකිකයන් 95%ක් පමණ ශ්‍රී ලංකාවට ගුවන් මගින් පැමිණ ඇත. (SRTDA, 2020). ශ්‍රී ලංකා ආර්ථිකය ඇමරිකානු ඩොලර් බිලියන 84ක් වන අතර එයින් 5%ක් ම සංචාරක ව්‍යාපාරය මත රඳා පවතී. මිලියන 22ක ජනගහනයෙන් මිලියන 2කට අධික ජනතාවක් සෘජුව හෝ වක්‍රව සංචාරක කර්මාන්තයේ නියැලී සිටින අතර එය ආර්ථිකය සමඟ ප්‍රතිලෝම වේ (රණසිංහ. ආර්, 2020). සංචාරක ක්ෂේත්රය හා සම්බන්ධ එම සෘජු හා වක්‍ර රැකියා ප්‍රමාණය සමස්ත ශ්‍රම බලකායෙන් 4.6%කි. ඒ අනුව covid 19 වෛරසය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය කෙරෙහි ඇති කර තිබෙන බලපෑම අධ්‍යයනය කිරීම අධ්‍යයනයේ ගැටලුව වේ. ඒ සඳහා ද්විතීක දත්ත පදනම් කර ගෙන ඇත. ශ්‍රී ලංකා මහ බැංකු හා ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු වාර්ෂික වාර්තා, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරි වාර්තා, ආයතනික වාර්තා, පොත් පත් සහ සඟරා යනාදිය ඒවා වේ. සංචාරක ව්‍යාපාරය ගෝලීය වශයෙන් විශාලතම හා වේගයෙන් වර්ධනය වන කර්මාන්තයකි. එමෙන්ම කලාපීය සංවර්ධනයට මඟ පාදන, විවිධ වර්ගයේ රැකියා සහ ව්‍යාපාර සඳහා සෘජුවම සහාය වන සංචාරක කර්මාන්තය covid 19 හේතුවෙන් බිඳ වැටී ඇත. ගෝලීය තරඟකාරිත්වය තුළ සෞඛ්යාරක්ෂිත බව, ශ්‍රී ලාංකික අනන්‍යතාවය, ආගන්තුක සත්කාර වල අපගේ ශක්තිමත් මානව, සමාජීය හා පොහොසත් සාරධර්ම ප්‍රදර්ශනයෙන් නැවත ලෝකයට සන්නිවේදනයෙන් හා ස්ථානගත කිරීම සහ ශක්තිමත් ගමනාන්ත ප්‍රතිරූපයක් ගොඩනැගීමට ආරම්භ කර ඇත. එසේම සංචාරක කර්මාන්තය නැවත ගොඩනැංවීම සඳහා කෙටිකාලීන හා දිගුකාලීන සැලසුම් ක්‍රියාත්මක කර ඇත. මූල්‍යමය ප්‍රතිපාදන වෙන් කිරීම, නව සංචාරක ආකර්ෂණ ස්ථාන 12ක් සංවර්ධනය කිරීම, පැරණි දුම්රිය ස්ථාන නවිකරණය කිරීම, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ඇති මන්නාරම්, කල්පිටිය සහ මඩකලපුවෙහි පැරණි බලකොටු සංවර්ධනය කිරීම, රටවල් 48 ක් සඳහා වීසා බලපත්‍රය දීර්ඝ කිරීම, සංචාරක බද්ද අත්හිටුවීම සහ සංචාරක හෝටල් සහ වාහන හිමියන්ට සහන ලබා දීම ආදිය ඒ අතර විය.