Abstract:
නව ව්‍යාපාර ඇරඹීම නැතහොත් පවතින ව්‍යාපාරයකට නව මුහුණුවරක් ගෙන ඒම යන අර්ථ දැක්වීම අපට ව්‍යවසායකත්වයට ලබාදිය හැකිය. රටක ආර්ථිකයට විශාල බලපෑමක් සිදු කළ හැකි බල ප්‍රභවයක් ලෙස ව්‍යවසායකත්වය අපට හඳුනාගත හැක. නමුත් වර්තමනයේ පවත්නා ව්‍යාපාරවලින් බොහෝමයක හිමිකාරීත්වය දරන්නන් වන්නේ ව්‍යාපර පිළිබඳ වැඩි දුර අධ්‍යාපනයක් නොලැබූ සාමන්‍ය පුද්ගලයන් ය. ඒ අනූව උසස් අධ්‍යාපනයක් ලැබූ විශ්වවිද්‍යාල සිසුන්ද නව ව්‍යාපාර ආරම්භ කිරීමට නැඹුරුවක් දක්වයි ද? නොදක්වයි ද? යන්න විමසීම සහ එයට බලපාන සාධක ගවේෂණය මෙන්ම සිසුන් තුළ ඇති ව්‍යාපාරික දැනුම වර්ධනය කිරීමට යෝජනා ඉදිරිපත් කිරීම මෙම පරීක්ෂණයේ මූලික අරමුණ වේ. ඒ අනූව, කැලණිය විශ්වවිද්‍යාලයේ පීඨ හතරක් තෝරා ගෙන එයින් එක් එක් වසර වලින් විද්‍යාර්ථීන් 100 බැගින් ගෙන 400ක නියැදියක් කොටස් නියැදුම් ක්‍රමය මඟින් තෝරාගන්නා ලදි. අධ්‍යයනය සදහා ප්‍රාථමික දත්ත යොදාගත් අතර එහිදී ප්‍රශ්නමාලා ක්‍රමය මඟින් දත්ත ලබා ගන්න ලදී. වගු, ප්‍රස්තාර හා කයිවර්ග පරීක්ෂාව වැනි පරීක්ෂණ ක්‍රම මඟින් දත්ත විශ්ලේෂණය කරන ලදී. නව ව්‍යාපාර ආරම්භ කිරීමේදී අවධානමක් ගැනීමට සිදු වන අතර එම අවධානමට මුහුණදීමට සිසුන් බිය වීමද, නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඔවුන්ට මූලික ප්‍රාග්ධනයක් නොමැති වීම, ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ව්‍යාපාර පිළිබද දැනුමක් නොමැති වීම, මෙලෙස ව්‍යාපාර ආරම්භ කිරීමට අවශ්‍ය සම්පත් රජයෙන් ප්‍රමාණවත්ව නොලැබීම යන ගැටලු හදුනාගත හැකිවිය. එසේම වර්තමාන ලෝකයක් මුහුණ දී ඇති කොරෝනා වසංගතය නිසා අද නව නිර්මාණ හා නව ව්‍යාපාර පිළිබද බොහෝ සිසුන්ගේ අවධානය යොමු වී ඇති අතර ඒ සදහා රජයේ අදාළ බලධාරීන් ඊට දිරිගැන්වීම් සිදු කිරීම, විශ්වවිද්‍යාල සිසුන්ගේ ව්‍යාපාරික දැනුම වර්ධනයට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, නව ව්‍යාපාර ආරම්භ කිරීමට අවශ්‍ය ප්රාග්ධනය රජය විසින් පහසු ක්‍රම යටතේ සැලසීම නව ව්‍යාපාර ඇරඹීමට සිසුන්ගේ නැඹුරුව වැඩි කිරීමට උපක්‍රම ලෙස යෝජනා කළ හැකිය.