Abstract:
ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික හරිත සරසවිය වශයෙන් 2015.07.10 දින සිට ක්‍රියත්මක වූ පරිදි කැලණිය විශ්වවිද්‍යාල
පරිශ්‍රය හරිත සංකල්පය අනුව තවදුරටත් ක්‍රියාකරයි. එය ප්‍රවර්ධනය උදෙසා විශ්වවිද්‍යාලයීය "තිරසාර විසදුම්
මධ්‍යස්ථානය” (Center for Sustainability Solutions - CSS) වැනි මධ්‍යස්ථාන මෙන්ම (Nature
Club) වැනි කණ්ඩායම් ක්‍රියාකිරී ලෙස ජාතික මෙහෙවරක නියැලෙමින් සිටියි.
ඒ අනුව මෙම පර්යේෂණයේ අරමුණ වන්නේ විශ්වවිද්‍යාලය තුළ ක්‍රියාත්මක වන හරිත සංකල්පය සඳහා
යොමු වීමේ දී විශ්වවිද්‍යාල පුස්තකාලය මුහුණ දෙන අභියෝග හඳුනාගැනීම යි. එහිදී හරිත සංකල්පය ක්‍රියාත්මක
කළහැකි ප්‍රධාන ක්ෂේත්‍ර 5ක් නිර්වචනය කරගැනිණි. එනම්, පුස්තකාල ගොඩනැගිල්ල, පුස්තකාල එකතුව, පුස්තකාල
තොරතුරු පද්ධති, පුස්තකාල ක්‍රියාපටිපාටි හා ක්‍රියාකාරකම් සහ පුස්තකාල වැඩසටහන් හා සේවා වශයෙනි.
කැලණිය විශ්වවිද්‍යාලයීය ප්‍රධාන පුස්තකාලයේ දැනට සේවයට වාර්තා කරන අධ්‍යන කාර්යමණ්ඩල
සාමාජිකයින් 8 දෙනා අතරින් අහඹු ලෙස තෝරාගත් 5 දෙනෙකු සමඟ පැවැත් වූ සම්මුඛ සාකච්ඡා හා ස්වයං
නිරීක්ෂණ මඟින් රැස්කරගත් දත්ත අනුව නව ගොඩනැගිල්ල ස්වාභාවික වාතාශ්‍රය හා ආලෝකය ලැබෙන පරිදි
ගොඩනැගීම, ඉලෙක්ටොනික පුස්තකාල එකතූන් ප්‍රතිග්‍රහණය කිරීම, පුස්තකාල ස්වයංක්‍රීයකරණය, ඉලෙක්ට්‍රොනික හා
වෙනත් අපද්‍රව්‍ය මනාව කළමනාකරණය වැනි හරිත ක්‍රියාකාරකම් කිහිපයක නිරත වුවද හරිත පුස්තකාලයක් වශයෙන්
සෘජුවම හඳුන්වාදීමට තරම් ක්‍රියාකාරී දායකත්වයක් හා උනන්දුවක් දැක්වීමට අපොහොසත් වී තිබේ. ඊට හේතු
වශයෙන් වාර්ෂික ප්‍රතිග්‍රහණයේ දී මුද්‍රිත පොතපතට ඇති ඉල්ලුමට සාපේක්ෂව ඉලෙක්ට්‍රොනික මූලාශ්රයන්ට ඇති
ඉල්ලුම පිටපත් 5ක් වැනි අවම අගයකි. එනිසා වැඩි ඉඩකඩක් මෙන්ම ගෘහභාණ්ඩ ප්‍රමාණයක් ද මුද්‍රිත ද්‍රව්‍ය සඳහා
වෙන් කිරීමට සිදුවී ඇත. ස්වයංක්‍රීයකරණය කළ ද කඩදාසි තවමත් භාවිත කිරීමත් විශාල පරිගණක සංඛ්‍යාවක් හා
පරිගණක මෙහෙයුම් පද්ධතිය පැය 8කට ආසන්න කාලසීමාවක් පුරා කාබන්ඩයොක්සයිඩ් (CO2) ජනනය කිරීමත්
සිදුකරයි. ඒවා ස්ථානගත කිරීමට වැඩි ඉඩකඩක් ද වෙන්කරවා තිබේ.
පැය 24ක් පුරාවට සේවා සපයන පුස්තකාලයක් නොවන බැවින් දැරිය හැකි මට්ටමින් සූර්යකෝෂ පද්ධතියක්
ස්ථාපනයෙන් විදුලිය ජනනය කිරීමත්, විදුලි අවභාවිතය වැළැක්වීමත්, විශාල පරිගණක මෙහෙයුම් පද්ධති වෙනුවට
සයිබර් තාක්ෂණය හා "ක්ලවුඩ්" ක්‍රමවේද (Cloud computing systems) භාවිතයත්, පූර්ණ ස්වයංක්‍රීයකරණයට අවශ්‍ය
විද්‍යුත් ආරක්ෂිත දොරටු හා උපාංග (Security systems) සවිකොට සංසරණ රිසිට්පත් වෙනුවට විද්‍යුත් ලිපින (email)
වෙත පණිවුඩ යැවීමෙන් කඩදාසි භාවිතය අවම කිරීම මඟින් එම අභියෝග ජයගැනීමට උත්සුක වේ නම්
ක්‍රියාකාරී ලෙස හරිත ක්‍රියාන්විතයට දායකවීමට කැලණිය විශ්වවිද්‍යාලයීය පුස්තකාලයට ද හැකිවනු ඇත.