Abstract:
මෘදු කුසලතා යනු පෞද්ගලිකවත් සමාජයීයවත් සාර්ථකත්වය සඳහා අවශ්‍ය සන්නිවේදන කුසලතාය. මෘදු කුසලතා හඳුනාගනු ලබන්නේ පුද්ගලයෙකු ඔහුගේ හෝ ඇයගේ අන්තර්ක්‍රියා ඔස්සේ එකිනෙකා හා සම්බන්ධවන ආකාරයෙනි. සාම්ප්‍රදායික පන්ති කාමරයක ඉගෙනීමට මේවා බොහෝ විට දුෂ්කරය. ඒවා මැනීම හා ඇගයීම තවත් දුෂ්කරය. කෙසේ වෙතත්,
”ආචාර ධර්ම” යන වචනයට පුළුල් අර්ථයක් ඇත. යහපත් හැසිරීමට අවශ්‍ය කරන ගුණාංග මොනවාද යන්න ආචාර ධර්මවලින් අදහස් කරයි. ආචාර ධර්ම හෙවත් ආචාර විද්‍යාව යනු මිනිස් ගතිපැවතුම්, චර්යා, පරමාර්ථ, අභිප්‍රාය, ජීවන ක්‍රම ආදිය සම්බන්ධයෙන් කරනු
ලබන ඇගැයීම් පිළිබඳ විමර්ශනයකි. මෙකී බෞද්ධ ආචාර ධර්ම ඉගැන්වීම්වල වර්තමාන පැවැත්ම පිළිබඳ අධ්‍යයනය කිරීම මෙම පර්යේෂණයෙහි අරමුණයි. පර්යේෂණ ක්‍රමවේද ලෙස ග්රන්ථ සංධාර ක්‍රමවේදය භාවිත කළ අතර ඒ අනුව ප්‍රාථමික හා ද්විතීයික මූලාශ්‍රය භාවිත කෙරිණි. පර්යේෂණය සඳහා මූලික කරගත් පර්යේෂණ ගැටලුව වන්නේ බෞද්ධ ආචාර ධර්ම ඉගැන්වීම් කෙතරම් දුරට වර්තමානය තුළ ක්‍රියාත්මක වේද? යන්නයි. ඒ අනුව ප්‍රාථමික හා ද්විතීයික ප්‍රභවයන් භාවිත කරන ලදී. ප්‍රාථමික මූලාශ්‍රය ලෙස විශ්වවිද්‍යාල පදනම් කරගත් දත්ත දායකයන් 30 දෙනෙකු හරහා දත්ත එක්රැස් කෙරිණි. මෙම පර්යේෂණයේ මූලික පරමාර්ථය වන්නේ වර්තමානයේ බෞද්ධ ආචාර ධර්ම හා මෘදු කුසලතා කොතරම් දුරට ක්‍රියාත්මක වේද යන්න අධ්‍යයනය කිරීමයි.