Abstract:
ශ්‍රී ලාංකේය සංස්කෘතියේ ප්රමුඛ කලා අංගයන් ලෙස බෞද්ධ සාහිත්‍ය හා බිතුසිතුවම් කලාව හඳුනාගත හැකිය. බිතුසිතුවම්හි සංකේත හැඩතල අංග, ද්‍රව්‍ය, මෙවලම්, සත්ව හා මානව රූ ආදි දෘශ්‍යමය හැඟවීම් සංඥා මගින් විවිධ අරුත් සම්පාදනය කරයි. පර්යේෂණයේ සිතුවම් විශ්ලේෂණය කරන ක්‍රමවේදය වන්නේ දාර්ශනික ජොහැන් ගල්තුංග්ගේ ඒ. බී. සී.
ත්‍රිකෝණ න්‍යායයි. :න්දය්බ ඨ්කඑයමබට –්ඊක් ඔරසබටකැ* එම සංකථනයට අනුව ත්‍රිකෝණයේ බී ලක්ෂයෙන් දෘශ්‍යමාන වන්නේ එකී චර්යාව ලෙස හඳුනාගත හැකි බිතුසිතුවමේ දෘශ්‍යමය රූපක සමූහයයි. ඒ අනුව තිවංක බිතුසිතුවම් අතර තේමිය ජාතකයේ තේමිය කුමරුගේ ඇඳුම් ආයිත්තම්, උයන්පල්ලා හා අතැති උදැල්ල, අශ්ව කරත්තය සහ ශාක, තිවංක පිළිම ගේ, චුල්ල පදුපම ජාතකය සිතුවමේ ඇඳුම් පැළඳුම්, යමක් ලබාදීම, වසම්මලේ හා ඉන්දියානු අජන්තා සිතුවම්වල ලලනා රුවක් සුරතට බර ලබා දී ඇති ආකාරය ආදි දෘශ්‍යමය හැඟවීම් සංඥාවන් විශ්ලේෂණය කොට ඇත. එකී දෘශ්‍යමය සාධක තීව්ර කරන අදෘශ්‍යමාන සංකල්ප
ලාංකේය අනන්‍යතාව කියාපාන අතර චිත්‍ර ශිල්පියා බෞද්ධ සාහිත්‍යයෙන් අනුප්‍රාණය ලද ප්රස්තුත භාවිත කළද ස්වාධීන ප්‍රකාශන මාධ්‍යක් ඔස්සේ බිතුසිතුවම් වර්ධනය කර ඇති ආකාරය හඳුනාගත හැකිය. මෙම පර්යේෂණයේ ගැටලුව වන්නේ ශ්‍රී ලාංකේය බිතුසිතුවම්හි දෘශ්‍යමාන විලාස මගින් ගම්‍යමාන කෙරෙන්නේ මොනවාද? යන්නයි. එකී බිතුසිතුවම්වල දෘශ්‍ය සාධක මගින් පොළොන්නරු හා අනුරාධපුර අවධියේ පුද්ගල භෞතික ස්වරූපය, පරිසර හිතකාමී හරිත නගර සංකල්පය, ප්රාග්ධනය හිමි පාලක හා පාලිත පන්තියේ හා යාචක වැනි පීඩිත පන්තිවල ස්වභාවය මෙන්ම සමාජ විෂමතාව පිළිබඳව දේශපාලනික කියැවීම්ද අන්තර්ගත වේ. එකී දේශපාලන විශ්ලේෂණය පැරණි ශ්‍රී ලාංකේය සමාජය
ලබාගත් සංස්කෘතික අනන්‍යතාව බවටද පත් වෙයි. මේ අනුව බිතුසිතුවම්හි දෘශ්‍යමාන රූප සංඥාවන් මගින් සිතුවමේ අදෘශ්යමානවන චිත්‍ර ශිල්පියාගේ මතවාදය (ආකල්ප හා සන්දර්භය) නිරූපණය කෙරෙන අතර එය ශ්‍රී ලාංකේය සංස්කෘතික අනන්‍යතාව බවටද පත්වී ඇති අතර එමගින් තත්කාලීන චිත්‍ර ශිල්පියා බෞද්ධ සාහිත්‍යයේ අනුප්‍රාණය ලබමින් ස්වාධීන සිතුවම් සම්ප්රදායක් වර්ධනය කර ඇති ආකාරය හඳුනාගත හැකි වේ.