Abstract:
මහින්දාගමනයෙන් (ක්‍රි:පූ: 250-210) ඉක්බිතිව රාජ්‍ය අනුග්‍රහය සහිතව ශ්‍රී ලාංකේය සාහිත්‍ය කලාව හා බිතු සිතුවම් කලාව විධිමත් ලෙස ස්ථාපිත විය. අනුරාධපුර හා පොළොන්නරු අවධියේ සම්භාව්‍ය සාහිත්‍යය සඳහා බුදු දහම ප්රමුඛ ප්රස්තූතයක් විය. එකී සාහිත්‍යයෙන් අනුප්‍රාණය ලද චිත්‍ර ශිල්පීන් බිතු සිතුවම් සඳහා සාහිත්යික ප්‍රලේඛන ප්රස්තූත ලෙස භාවිත කර ඇත. සාහිත්‍ය ප්රලේඛනයක විස්තෘත ප්රස්තූතයක් චිත්රණය කිරීමේදී චිත්‍ර ශිල්පියා සතු නිර්මාණාත්මක ශක්‍යතාව පිළිබඳ හඳුනාගැනීම පර්යේෂණයේ ප්රමුඛ අරමුණකි. එසේ හඳුනාගත් අතීත චිත්‍ර ශිල්පියා සතු නිර්මාණාත්මක ශක්‍යතාවෙන් සමකාලීන චිත්‍ර ශිල්පියාට ලබාගතහැකි උපයෝගිතාව පිළිබඳ හඳුනාගැනීමද පර්යේෂණයේ අරමුණකි. මෙම පර්යේෂණයේ ගැටලුව ලෙස “බෞද්ධ සාහිත්‍යයික ප්රස්තූත චිත්රණය කිරීමේදී චිත්‍ර ශිල්පියා භාවිත කළ දෘශ්‍යමය උපක්‍රම මොනවාද?”යන්න හඳුනා ගැනිණි. “සස ජාතකය” හා එයින් අනුප්‍රාණය ලදුව විරචිත “සසදාවත”හි ප්රමුඛ ප්රස්තූතය චිත්‍ර ශිල්පියා විසින් දිඹුලාගල මරා වීදියෙහි හා තිවංක පිළිමගෙයි බිතු සිතුවම් ලෙස චිත්රණය කරන ලද ආකාරය සන්සන්දනාත්මකව විශ්ලේෂණය කිරීමේදී එක් එක් දෘශ්‍ය රූප සංඥා අත්පත්කරගන්නා අනන්‍යතාව හඳුනාගත හැකිය. මේ සඳහා සංඥාර්ථවේදී ප්‍රවේශය දාර්ශනික සංකථන පර්යේෂණ ක්‍රමවේදය ලෙස භාවිත කෙරිණි. ඒ ආකාරයෙන් විස්තෘත සඳ, සක්දෙවිඳු, වලාකු`ඵ ,ගිනි මැලය මෙන්ම සඳ ස්ථානගත කිරීම, අවකාශය භාවිතය වැනි සංකේත හා දෘශ්‍යමය ශිල්පක්රම මගින් බිතු සිතුවම නිමවන ලද්දේ වුව, එකී සංඥා මගින් නරඹන්නා රසවිඳිමින් ගොඩනගන අර්ථාන්විත හැඟවීම් ක්‍රියාවලිය නිර්මාණ කාර්යයේ අවසන් ප්‍රතිඵලය බවට පත්වෙයි. එකී අතීත නිර්මාණ කාර්යයේ ශක්‍යතාවෙන් සමකාලීන චිත්‍ර ශිල්පියා වෙත
ලබාගතහැකි උපයෝගිතාව පිළිබද මෙහිදී විශ්ලේෂණය කෙරිණි. අතීත චිත්‍ර ශිල්පියා බිතු සිතුවම් ස්වාධීන මාධ්‍යයක් ලෙස වර්ධනය කර තිබෙන අතර එමගින් තීව්ර කෙරෙන දෘශ්‍යමය හැඟවීම් සංඥා තත්කාලීන සංස්කෘතික අනන්‍යතා විශද කරන බව නිගමනය කළ හැකිය.