Abstract:
නුතනවාදී කලාව පිළිබදව චැඩ්වික් (උයසඑබැහ ක්ය්ාඅසජන) පවසන ආකාරයට ස්ත්‍රිය හඳුනා
ගන්නේ ස්වභාවධර්මයට වඩාත් සමීප එනම්, ස්ත්‍රීත්වය යනුම සහජ ගුප්ත බව, නොදැමුණු
ලිංගිකත්වය, විනාශකාරී ශක්තිය ආදි ගුණාංග ආශ්රයෙනි. මහාවංශයේ එන කුවේණි පිළිබඳ කතා පුවත ඒ සඳහා කදිම නිදසුනකි. එය මූලාශ්‍රය කරගනිමින් හෙන්රි ජයසේන විසින් “කුවේණි” නාට්‍ය 1962 දී රචනා කරන ලදි. තම කෘතිය පිළිබඳ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ “කුවේණිය මා දකින්නේ මෙලොව සදාතනික ගැහැනිය ලෙසයි” යනුවෙනි. මෙම පර්යේෂණයේ අරමුණ වන්නේ කුවේණිය මෙලොව සදාතනික ගැහැනිය යන සංකල්පය නියෝජනය කරන්නේද යන ගැටලුව විමර්ශනය කිරීමයි. මෙහිදී ස්ත්‍රිය සම්බන්ධයෙන් ගතානුගතික අදහසක් ප්‍රකාශ වන අතර, සිදුවිය යුත්තේ ස්ත්‍රියට දයානුකම්පාව දැක්වීම නොව, ඇය සතුව පවතින විභවාත්මක හැකියාව දැක්වීම තුළින් ස්ත්‍රියද මනුෂ්‍ය පැවැත්මක් ලෙස යළි අර්ථකථනය කිරීමයි. යුරෝ-ඇමෙරිකානු ස්ත්‍රීවාදී ව්‍යාපාරය හා ස්ත්‍රීවාදී කලා සම්ප්රදාය දියුණු මට්ටමක පැවතියද, ස්ත්‍රිය බලගන්වනසුලු ගතික ස්ත්‍රී ව්‍යාපාරයක් ලංකාවේ බිහිවී නොතිබුණි. “ගැහැනියක් යනු කුමක්ද?” යන්න ඉතිහාසයේ දාර්ශනික ප්‍රශ්නයක් ලෙස යොමු කරනු ලබන්නේ හෛඩෙගරියානු විශාරදයෙකු වන සිමෙන් දි බෝවා :ීසපදබැ ාැ ඊැ්මඩදසර* විසිනි. ඇය පුද්ගලයාගේ මැදිහත්වීම සහ පුද්ගල ක්‍රියාවන් හරහා ඉතිහාසය වෙනස් කිරීමේ විභවය සාකච්ඡා කරන්නීය. ජුඩිත් බට්ලර් (න්මාසඑය ඊමඑකැර) විසින්ද සම්භාව්‍ය ස්ත්රීවාදයේ ලිංගිකත්වය :ීැං* හා ස්ත්‍රීපුරුෂ සමාජභාවය (ටැබාැර) අතර වෙනස අභියෝග යට ලක් කරයි. ඇය පවසන්නේ ලිංගික අනන්‍යතාව යනු අප විසින් නිරූපණය කරනු ලබන දෙයක් ලෙසයි (“ටැබාැර සි එයැ චැරදෙරප්එසඩැ”). මෙකී අදහස් දෙස අවධානය යොමු කිරීමේදී පෙනී යන්නේ කුවේණි නාට්‍ය පුරුෂමූලික කතිකාවේ පිළිබිඹුවක් බවයි. දේශීය සංස්කෘතිය හා බැඳි වෘත්තාන්තයකින් බිහිවූ මෙම නාට්‍යයේ නිරූපිත ස්ත්‍රිය පිළිබඳ අදහස සදාකාලික ස්ත්‍රිය ලෙස සමාජගත කළ හැකිද?. මේ සඳහා ඉහත දාර්ශනික අදහස් තුළින් නාට්‍යයෙන් නිරූපිත ස්ත්‍රිය පිළිබඳ අදහස විසංයෝජනය කිරීමට අපේක්ෂා කෙරේ. ශ්‍රී
ලංකාව තුළ ජනප්‍රිය තලයේදී, මෙවන් සංස්කෘතික ප්රවණතා පිළිබඳ අදහස් ඉදිරිපත් කිරීම් ඉතා හීන වන අතර, මෙකී කතිකාව සූක්ෂම ලෙස සංකල්පීය හා ඥානවිභාගාත්මක වශයෙන් වඩාත් ගතික ශාස්ත්‍රීය මට්ටමකට රැගෙන යනු ලැබේ.