Abstract:
මිනිස් සිතුවිලිවලට වඩාත් හෘදයාංගම වන කවියේ මුඛ්‍යාංග සිව් වැදෑරුම් වෙයි. ඒ කාව්‍ය ආකෘතිය, පරිකල්පනය, සංයත බව හා භාෂාවයි. කවියක ආකෘතිය පහළ වන්නේ වස්තු වින්‍යාසයේ අනිවාර්ය ඵලයක් ලෙසිනි. භාෂා විශාරදයෙකු, බහුශ්‍රැතයෙකු, සියුම් චින්තකයෙකු වන කුමන අයෙක් වුවද අනිවාර්යයෙන්ම මනාවූ පරිකල්පන ශක්තියකින් යුතු අයකු විය යුතුය. සෑම කවියකටම කිසියම් මුඛ්‍ය හැඟීමක් පාදක වන අතර කවියා සිය රචනයේදී සූචනය කිරීමට යත්න දරන්නේ එකී හැඟීම් සමුදායයි. කවියේ සංයත බව වන්නේ එයයි. කවියක සෞන්දර්යය, රමධෑය බව නඟාලීමට නිතැනින්ම දායක වන්නේ කාව්‍ය භාෂාවයි. කවියකට උචිත බසක් නොමැති වුවද භාෂාව හැසිරවීමට උචිත ක්‍රමයක් පවතී. සිත්තරුවෙක් පින්සලකින්ද කැමරාකරුවෙක් කාචයකින්ද මවන රූපය කවියා මවන්නේ භාෂාවෙනි. පෙරදිග මෙන්ම අපරදිග කවියෙන්ද ආභාසය ලැබූ ඉලයප්ආරච්චීන් සිය කාව්‍ය නිර්මාණවලට ව්‍යංග්‍යාර්ථවත් බස, අලංකාරෝක්තිවලින් පරිපුෂ්ට බස, කාව්යෝක්තීන්ගෙන් සැරසුණු බස සේම සංකේතාත්මක පද බාහුල්‍යය සහිත බස ආදි භාෂාවේ විවිධ ප්‍රභේද උපයෝගී කර ගත්තේය. කාව්‍යකරණයේදී භාෂාවට මූලිකත්වයක් දුන් එතුමා එය හඳුන්වන ලද්දේ “භාෂාව නම් සාහිත්‍ය යාතු කර්මයක්”ලෙසිනි. මෙහිදී “ කාව්‍යාලංකාර,” යන්නෙන් කාව්‍ය ශරීරය ශෝභාවත් වෙයි. එය ශබ්දාලංකාර හා අර්ථාලංකාර ලෙස දෙවැදෑරුම්ය. එබැවින් වෘත්තය, ලය, එළිසමය, අනුප්රාසය සහ යමකය යනාදී ශබ්දාලංකාරයන්ද උපමාලංකාර, රූපකාලංකාර, උත්ප්‍රේක්ෂාලංකාර, අතිශයෝක්ත්යාලංකාර ආදි අර්ථාලංකාරයන්ද “හම්බාවා” පද්‍ය සංග්‍රහයෙන් නිරූපණය වන ආකාරය පිළිබඳ විමසා බැලීම මෙහි පර්යේෂණ අරමුණයි. 2020 වර්ෂයේදී හොඳම කාව්‍ය සංග්‍රහයට හිමි සම්මානයට පාත්‍ර වීමට “හම්බාවා” පද්‍ය සංග්‍රහයේ “කාව්‍යාලංකාර භාවිතය” අභිභවා ගිය වෙනත් භාෂා ප්රභේදයන් හේතුභූත වී දැයි අධ්‍යයනය කිරීම මෙහි පර්යේෂණ ගැටලුවයි. ඒ සඳහා ප්‍රාථමික මූලාශ්‍රය ලෙෂ “හම්බාවා ” පද්‍ය සංග්‍රහය යොදා ගන්නා අතර ප්‍රාමාණික උගතුන්ගේ ශාස්ත්‍රීය ලිපි ලේඛනද ඇසුරු කර ගැනීමට අපේක්ෂා කෙරේ. කාව්‍යයක සාර්ථකත්වයට “කාව්‍යාලංකාර ” භාවිතයේ ඇති වැදගත්කම මෙමඟින් අධ්‍යයනය කළ හැකිය. අනූව දශකය, ඩොග්මේ සිනමාව, පෙරටුගාමී සිනමාව, සිනමා ශෛලීන්