Abstract:
මිනිසා ක්‍රමයෙන් දියුණුව කරා යන ගමනේදී ඔවුන්ගේ කායික මානසික ස්වස්ථතාව ක්‍රමයෙන් පිරිහී යනු දැකිය හැකිය. අහිමිව යන මානසික සුවය සොයන නූතන මිනිසාගේ මානසික ගැටලු නිරාකරණය කරගැනීම සඳහා බෞද්ධ ඉගැන්වීම් පාදක කරගත් මනෝ උපදේශන ක්‍රමවේදයන්හි අවශ්‍යතාව දැඩිව පවතී. එබැවින් නූතනයේ දක්නට ලැබෙන ප්‍රධාන නියුරෝසීය ආබාධයක් වන ග්‍රස්ථිය අනිවාර්ය අක්‍රමතාව
සම්බන්ධ චර්යාත්මක ගැටලු නිරාකරණය සඳහා බෞද්ධ මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රමවේදයක් ගොඩනැඟීම මෙහිදී සිදු කෙරේ. ග්‍රස්ථීය අනිවාර්ය අක්රමතාවයේදී පුද්ගලයාගේ සිතෙහි ඇතිවන ඇතැම් අතාර්කික පීඩාකාරී සිතිවිලිවලින් සහනයක් ලබාගැනීම සඳහා ඔහු නොයෙක් අසාමාන්‍ය චර්යාවන්ට පෙලඹීම සිදුවේ. එම සිතිවිලි හා චර්යාවන්ගෙන් මිදීමට ඔහුට අවශ්‍ය වුවද ඔහු ඒ සඳහා අසමත් වේ.
මනෝවිද්‍යාවට අනුව මෙම සිතිවිලි බද්ධ වූ චර්යාවන් අත්හැරවීම සිදු කළයුතු වන්නේ ක්රමික පුහුණුවක් ලබාදීම මගිනි. මෙම පර්යේෂණය තුළදී එම චර්යා අත්හැරවීම සඳහා මජ්ක්‍ධිම නිකායාගත විතක්කසණ්ඨාන සූත්‍රයේ අකුසල විතර්ක ප්රහාණය කිරීමේ ක්‍රමවේද ලෙස දක්වා ඇති අඤ්ඤනිමිත්තග්ගහණ, ආදීනවදස්සන, අසති අමනසිකාර, විතක්කමූලභේද, අභිනිග්ගහණ යන ක්‍රමවේද උපයෝගී කරගත හැකි ආකාරය පිළිබඳව අධ්‍යයනය කරනු ලැබේ. නිසි උපදේශනය හරහා මෙම ක්‍රමවේදයන් පුහුණු කිරීම මගින් ග්‍රස්ථිය සිතිවිලි ඇතිවීමට බලපාන ලද මූලික මානසික සාධක පිළිබඳ
ප්රජානනාත්මක අවබෝධයක් ලබා දීම හා බාධාකාරී අනිවාර්ය චර්යාවන් ක්‍රමිකව අත්හරවා චර්යාව නැවත සකස් කිරීම (Behavioral Modification) සිදු කළ හැකිය. එබැවින් නූතන මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රමවේදයන් හා සංසන්දනාත්මකව විතක්කසණ්ඨාන සූත්‍රයේ ඇති ප්‍රතිකාරාත්මක වැදගත්කම බෞද්ධ මූලාශ්‍රය ඔස්සේ ඉස්මතු කිරීම මගින් ශාස්ත්‍රීය අනිවාර්ය අක්‍රමතාව සුවකිරීම සඳහා බෞද්ධ ඉගැන්වීම්හි
ඇති ප්‍රායෝගික වටිනාකම පැහැදිලි කළ හැකිවේ.