Abstract:
යම් රටක සංවර්ධනය දෙස විමර්ශනාත්මක අධ්‍යයනයක යෙදෙන කල්හි විමසා බැලෙන්නා වූ ප්රබලතම සාධකයක් වනුයේ ඒ රටෙහි සාක්ෂරතාවයි. සමාජයක පවත්නා බුද්ධි මට්ටම, එහි ස්වභාවය ඔවුන්ගේ යහපැවැත්ම, ආකල්ප සංවර්ධනය, සාරධර්ම ආදි සියල්ල සාක්ෂරතාව මත පවතියි. මෙහිදී රටක සමාජය ඉහළ තලයක පවති යන කරුණට පදනම් වනුයේ එම සමාජයේ පුද්ගලයන් අත්පත් කොට ගෙන ඇති බුද්ධි මට්ටම වේ. එම බුද්ධිය පුද්ගලයාගෙන් පුද්ගලයාට විවිධත්වයක් ගනී. මේ ආකාරයෙන් බුද්ධිය සමග සකස් කර ගනු ලැබූ යහපැවැත්ම, ආචාර ධර්ම, සදාචාර සංවර්ධනය, යහපත් ආකල්ප ආදි සියල්ල එකතුවෙන් ඉහළ සමාජ තත්වයක් පවතින බැව් නිගමනය කළ හැකිය. සමාජයෙන් ලබා ගන්නා බුද්ධිය, අධ්‍යාපන මත ක්‍රියාත්මක වේ. අධ්‍යාපන ක්‍රියාවලිය හමුවේ යහපත් සමාජ රටා ළමා මනසට කුඩා කාලයේ සිට කා වැදීම හමුවේ සිදු වනුයේ සදාචාර සම්පන්න වූ සමාජයක් නිර්මාණය කිරීමට අඩිතාලම සකස් කිරීම වේ. අධ්‍යාපන සංකල්ප මත එම කාර්යය සිදු වේ. එනම් එහිදී පුද්ගල අභ්‍යන්තරයේදී පුද්ගලබද්ධ අධ්‍යාපන සංකල්ප ගොඩ නැඟෙන අතර සමාජ භූමිකාවේදී සමාජ බද්ධ අධ්‍යාපන සංකල්ප ගොඩ නැඟීම සිදුවේ. එම අධ්‍යාපන සංකල්ප නම් යහපැවැත්ම පිළිබඳ සංකල්පය, ආකල්ප සංවර්ධන සංකල්පය, සදාචාර සංවර්ධන සංකල්පය, සදාචාර සංවර්ධන සංකල්පය, ශිෂ්‍ය පෞරුෂ වර්ධන සංකල්පය, අභිප්‍රේරණ සංකල්පය, කණ්ඩායම් මානසිකත්ව ගතික සංකල්පය, සමාජ ඒකාබද්ධ සංකල්පය, ලෙසට වේ. නූතන සමාජ රටාව යහපත් වීම සඳහා යොදාගත හැකි ආධ්‍යාපනික සංකල්ප යථෝක්තයෙන් සඳහන් කොට ඇති අතර ඒවා ළමා මනසට ප්‍රවේශ කිරීම උදෙසා සිංහල සාහිත්‍යයේ දැක්වෙන්නා වූ ජාතක කතා උපයෝගී කොට ගත හැකිය. ගෞතම බුදුන්වන්සේ ස්වකීය බෝසත් අවධියේදී පුහුණු කළ ප්‍රතිපදාව පිළිබඳව එම ජාතක කතා හමුවේ මනාව විවරණය වේ. ඒවා ළමා මනසට කා වැදෙන ආකාරයෙන් නිරූපිත වූ ජාතක කතා (15) ක් අනුසාරයෙන් මෙම කරුණු විමර්ශනයට ලක් කෙරේ.