Abstract:
මිනිසා විසින් නිර්මිත විශිෂ්ටතම මෙවලම භාෂාවයි. භාෂාවක ප්‍රධාන අපේක්ෂාව සන්නිවේදනයයි. එසේ සන්නිවේදනය කරන්නේ භාෂාවේ ඇති වචන ආශ්‍රය කරගනිමිනි. සෑම භාෂාවකම විවිධ වචන ඇති අතර නාම, ක්‍රියා, නිපාත, උපසර්ග, තද්ධිත, කෘදන්ත ආදි ලෙස ඒවා වර්ග කර දැක්විය හැකිය. ඒ අතරින් භාෂාවක ඇති ඉතා වැදගත්ම අංග වන්නේ නාම සහ ක්‍රියා යන වර්ගද්වයයි. ඒ අනුව අදහස් හුවමාරු කරගැනීම පිණිස අනිවාර්ය අංගයක් ලෙස නාම හඳුන්වාදිය හැකිය. වාක්‍යයක උක්තය ලෙසත් කර්මය ලෙසත් බොහෝ අවස්ථාවලදී භාවිත වන්නේ නාමයක් හෝ ඒ ආශ්රයෙන් තනාගත් නාමපදයකි. එයින් පැහැදිලි වන්නේ භාෂා භාවිතයේදී වැඩිපුරම භාවිත වන වචන විශේෂය නාම බවයි. වසර දහස් ගණනක ඈත අතීතයකට උරුමකම් කියන භාෂාවක් වන සංස්කෘත භාෂාවටද මෙය සාධාරණ ලක්ෂණයකි. සංස්කෘත භාෂාවේ නාම සහ නාමපද යනු එකක් නොවේ. සංස්කෘත නාම හා නාමපද අතර යම් යම් සාම්‍යතා මෙන්ම සැලකිය යුතු මට්ටමේ වෙනස්කම්ද නිරීක්ෂණය කළ හැකිය. නාමයක් හා නාමපදයක් අතර වෙනස හඳුනාගන්නේ කෙසේද යන්න පර්යේෂණ ගැටලුව වශයෙන් ගෙන මෙහිදී සියුම්ව අධ්‍යයනය කරන්නේ නාමයක් යනු කුමක්ද? නාමයක් නාමපදයක් බට පත් කරගන්නේ කෙසේද? යන්නත් නාම සහ නාමපද යන දෙක එකිනෙකට වෙනස් වන නිර්ණායක කවරේද? යන වගත්ය. ඒ සඳහා පාණිනී ආචාර්යවරයා විසින් රචිත අෂ්ටාධ්‍යායී ව්‍යාකරණ ග්‍රන්ථය සහ සාරස්වත ව්‍යාකරණ නම්වූ ව්‍යාකරණ ග්‍රන්ථය යන ප්‍රාථමික මූලාශ්‍රය උපයෝගී කරගන්නා අතර ද්විතීයික මූලාශ්‍රය වශයෙන් වරාගොඩ පේමරතන හිමියන්ගේ සංස්කෘත නාමාඛ්‍යාත විවරණ නම් ග්‍රන්ථය භාවිත කරනු ලැබේ. එසේ කරනු ලබන පර්යේෂණයෙහි අවසාන ප්‍රතිඵලය වශයෙන් නාමයක් නාමපදයක් වන අයුරුත්, නාමයක හා නාමපදයක ඇති වෙනස්කම් පිළිබඳවත් නිගමනයකටබැසගනු ලැබේ.