Abstract:
සංස්කෘත සාහිත්‍යය ප්‍රබන්ධ සහ කථාවලින් ඉතා පොහොසත්ය. ඒ සම්බන්ධයෙන් කිසිදු සාහිත්‍යයකට එය සමඟ තරඟ කළ නොහැකිය. ඒවායේ ප්‍රධාන මූලාශ්‍රය ඉන්දියාවෙන්ම පැවතීමට බොහෝ දුරට ඉඩකඩ ඇත යනුවෙන් මැක්ස් මුලර් ප්‍රබන්ධ සංක්‍රමණය නම් ග්රන්ථයෙහි සඳහන් කොට තිබේ. විෂ්ණු ශර්මන්ගේ පංචතන්ත්‍රය විෂයෙහි මිළින්දප්රශ්නයේ ආභාසය පිළිබඳ විමර්ශනයක් යන පර්යේෂණ ගැටලුවට විසඳුම් සෙවීම මෙහි මූලික අරමුණයි. පංචතන්ත්‍රය යනු හින්දු සම්භාව්‍ය සාහිත්‍යයට අයත් ග්රන්ථයක් වන අතර එය ඉතිහාසයේ වඩාත්ම පුළුල් ලෙස පරිවර්තනය කරන ලද ආගමික නොවන ග්රන්ථවලින් එකකි. මුල් කෘතිය සංස්කෘත භාෂාවෙන් රචනා කර ඇත්තේ කාශ්මීරයේදී ක්‍රි.පූ. 300 -200 අතර කාලයේදී පමණ විෂ්ණු ශර්මා නම් පඬිවරයකු බව සඳහන් වේ. පැරණි වාචික සම්ප්‍රදායන් මත පදනම් වූ සත්ව ප්‍රබන්ධ මෙම ග්රන්ථයෙහි අන්තර්ගතය. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසq 5-4 සියවස් අතර කාලයේ දඹදිව මද්ද රටෙහි අගනුවර වූ සාගල නුවර වාසය කළ මිළිඳු නමැති ග්‍රීක රජෙකු විසින් අසන ලද ප්‍රශ්නයන්ට නාගසේන නම් රහතුන් වහන්සේ කෙනකු විසින් ඉදිරිපත් කරනු ලැබූ ධර්මානුකූල පිළිතුරු අන්තර්ගත කෘතියක් ලෙස මිළින්දප්රශ්නය හඳුන්වා දිය හැකිය. මෙම ග්‍රන්ථය ධර්මාශෝක රජුගේ කාලයෙන් පසු ක්‍රි.ව. 1 වන සියවසේ පමණ රචනා වී තිබේ. තෝමස් රයිස් ඩේවිඩ්ස් පවසන්නේ එය සම්භාව්‍ය ඉන්දියානු ගද්‍ය රචනයේ ශ්‍රේෂ්ඨතම කෘතිය වන බවයි. බෞද්ධ සාහිත්‍යය හා හින්දු සාහිත්‍යය යන පැතිකඩ ද්වයයක නියෝජනය වන මෙම ග්රන්ථ රචනා කරන ලද ප්‍රදේශය, කාල සීමාව, භාෂාව, කථා විලාසය, තර්කන ක්‍රමය, සදාචාරාත්මක බව, උපමා භාවිතය, දාර්ශනික මතවාද ආදි කරුණු පිළිබඳ විමර්ශනය කිරීමේදී මෙම ග්රන්ථයන් අතර කිසියම් ආකාරයේ සමානකම් ඇති බවට සාධාරණ තර්කයක් ගොඩ නැගිය හැකියි. පංචතන්ත්‍රය විෂයයෙහි මිළින්දප්රශ්නයේ අභාසය පිළිබඳ ගැටලුව නිරාකරණය කර ගැනීමට මේ හා සම්බන්ධ මූලාශ්‍රය තුලනාත්මකව අධ්‍යයනය කළ යුතු වේ. තර්කය සහ ධර්මය මෙම ග්රන්ථ දෙක අතර ඇති ප්‍රධානතම සම්බන්ධතාව වන අතර ඒවාට ම අනන්‍ය වූ ලක්ෂණ ද රාශියක් දැකගත හැකියි. පර්යේෂණය සඳහා පාඨ විශ්ලේෂණය හා සන්ධාර විශ්ලේෂණය යන පර්යේෂණ ක්‍රමවේද භාවිත විය. කරුණු විශ්ලේෂණය සඳහා කෞටිල්‍යගේ අර්ථ ශාස්ත්‍රය හා පාලි අට්ඨකථා උපයෝගි කොට ගැනිණ. මෙම මූලාශ්‍රය සහ පර්යේෂණ විධි ක්‍රම භාවිත කරමින් පංචතන්ත්‍රය විෂයෙහි මිළින්දප්රශ්නයේ අභාසය ලැබී තිබේද? යන්න පිළිබඳව පැහැදිලි සාධාරණ නිගමනයකට පැමිධෑම පර්යේෂණ පත්‍රිකාවෙන් අපේක්ෂා කෙරේ. මේ තුළින් නව සාහිත්‍යය නිර්මාණ සඳහා බෞද්ධ පැරණි සාහිත්‍ය අනුපමේය මෙහෙයක් ඉටු කොට ඇති ආකාරය හා අපේ සම්භාව්‍ය සාහිත්‍යයේ ඇති උත්කෘෂ්ට භාවය මනාව හඳුනා ගත හැකිය. එමෙන්ම මිළින්දප්රශ්නය මහජනයා අතර තවදුරටත් ප්‍රචලිත වීම සඳහා මෙය උපකාරී වනු ඇත.