Abstract:
බස්නාහිර පළාතෙහි සල්පිටි කෝරළයට අයත් පහතරට තිස්පැහැ සිංගාරම් වාදනය පිළිබඳ අධ්‍යයනය කිරීම මෙහි මුඛ්‍ය අරමුණ වී ඇත. මෙය විමර්ශනය කිරීම සඳහා එහි තොරතුරු මූලාශ්රයගත අත්පිටපත්, සඟරා ලිපි හා සම්මුඛ සාකච්ඡා මඟින් තොරතුරු රැස් කිරීමට අපේක්ෂා කෙරේ. වර්තමානයේ මෙය බෙර පෝය හේවිසිය යනුවෙන්ද හැඳින්වෙයි. පොහොය හේවිසිය යන වචනයට අර්ථකථන ගණනාවක් ලබාදී ඇති මුත් පේවී බෙර වාදනය කිරීම මේ හා වඩාත් උචිත වේ. මෙහි මූලාරම්භය දෙස බලන විට උත්පත්තියට බලපෑ කතා පුවත් අතුරින් ප්‍රධානතම කතා පුවත් දෙකක් ලෙස බුදු වූ දවසේ බෙර වැයූ බවත්, මහා සම්මත රජුගේ අභිෂේකයට බෙර වැයූ බවත් ප්‍රධාන වේ. බුදුන්ට ස්තූති පූජා පිණිසත් එම ස්තුති පූජා පවත්වා එයින් අනුමෝදන් වන පින් දෙවියන්ට අනුමෝදන් කොට අනතුරුව දෙවියන්ගේ ආශීර්වාදය ප්‍රජාවට හා ගමට උදාකර ගැනීමේ අරමුණින් අතීතයේදී මෙය පවත්වන්නට වූහ. වර්තමානයේද එම අරමුණම මුල් කර ගනිමින් නොනවත්වා සිරිතක් ලෙස මෙය පවත්වනු ලැබේ. බෙල්ලන්විල රාජමහා විහාරයෙහි සෑම වසරක් පාසාම වසරේ පළමුවන දින මෙය පවත්වනු ලැබේ. ප්‍රධාන වශයෙන් යක් බෙරයට අමතරව දවුල, තම්මැට්ටම, නලාවද භාවිත වේ. අටමගල නම් වූ සැරසිල්ලෙහි මල් බුලත් පුටුවක් තබා එහි සිරිකත දේවියට පුදවාලක්කම් කිරීමට කටයුතු කරනු ලැබේ. මෙහිදී සිංගාරම් වාදනයේ පූජාවිධි රටාව, සැරසිලි භාවිතය, ඊට ආවේණික වාදන අංගයන් යනාදිය පිළිබඳ මූලික වශයෙන් සාකච්ඡාවට බඳුන් වේ. උඩරට හේවිසිය මෙන් නොව පහතරටදී ඊට ආවේණික මේඝනාද, එක්අත් තාලම, වන්දමානම්, දකිනත්, අඩ පද ආදි වාදන රටා, ගායන ශෛලීන්, බෙර පද භාවිත වන බව මෙය අධ්‍යයනයේදී දැකගත හැකිවේ. ඈත අතීතයේ වනගතව ජනශුන්‍ය ග්‍රාමයක් ලෙස පැවති බෙල්ලන්විල රාජ මහාවිහාරයේ ඇති බෝ සමිඳුට එහි අධිගෘහිත දෙවි දේවතාවුන් විසින් ශබ්ද පූජා පවත්වා ඇති අතර පසු පසුකාලීනව පොහොය සිංගාරමද මෙම පූජා භූමියෙහි ආරම්භ වී වර්තමානය දක්වා නොනවත්වා පවත්වාගෙන විත් තිබේ. අතීතයේ සියනෑ කෝරළයේ, හේවාගම් කෝරළයේ, පානදුරාව, බෙන්තර, මාතර, රයිගම ආදී ප්‍රදේශ රැසක සුලබව මෙය දැකගත හැකි වුවද වර්තමානයේ එලෙස දැකගැනීමට නොහැකි වීම ගැටලුවකි. එබැවින් අතීතයේ බස්නාහිර පළාතෙහිම මෙය සුලබව දැකගත හැකි වුවත් වර්තමානයෙහි මෙය බෙල්ලන්විල රාජමහා විහාරයට පමණක් සීමා වී ඇති බව නිගමනය කළ හැකිය.