Abstract:
භාෂාව වනාහි යම් ජන සමාජයක අනන්‍යතාව ප්රතිමූර්තිමත් කරන සංවේදී සාධකයකි. මේ නිසාම රටක භාෂා සැලසුම්කරණ ක්‍රියාවලිය සිදුකිරීමේදී ඒ ආශ්රයෙන් විවිධ ගැටලුකාරී අවස්ථා නිර්මාණය වේ. විශේෂයෙන්ම බහුභාෂක සමාජයක සම්මත භාෂාවක් ලෙස එක් භාෂාවක් පමණක් එරට රාජ්‍ය භාෂාව හෝ නිල භාෂාව ලෙෂ තෝරා ගෙන කාර්යයන්හි යෙදවීමේදී එරට පවතින අනෙක් භාෂක සමාජයන් අතර විවිධ ගැටලු නිර්මාණය වේ. මේ හේතුවෙන් තමා නියෝජනය කරන භාෂාව සම්බන්ධයෙන් වන අර්බුද ඇතැම් විට ජාතික හෝ ජාත්‍යන්තර ගැටලුකාරී තත්වයන්ට පැමිධෑම වර්තමානයේ සුලබ කරුණකි. තුන්වන ලෝකයේ බොහෝ රටවල ස්වදේශීය භාෂාවන් කෙරෙහි වෙනත් භාෂාවල බලපෑම තදින් දක්නට ලැබේ. ඉංග්‍රීසි භාෂා අධිරාජ්‍යවාදය ඉන් ප්රමුඛ වෙයි. මෙම පර්යේෂණයේදී සිදුවනුයේ යුරෝපයේ බලවත් බහුභාෂක රාජ්‍යයක් වන ස්විස්ටර්ලන්තයේ භාෂා සැලසුම්කරණයෙහි ස්වරූපය අධ්‍යයනය කිරීමයි. ස්විස්ටර්ලන්තයේ භාෂා සැලසුම්කරණය කවර ස්වභාවයකින් යුක්ත වේද? යන්න මෙම පර්යේෂණයේ ගැටලුවයි. එහිදී දේශීය භාෂාවන් රැකගනිමින් විදේශීය භාෂා සංස්පර්ශයෙන් ඈත්ව, ඉංග්‍රීසි භාෂා අධිරාජ්‍යවාදයෙන් මිදී භාෂා සැලසුම්කරණය සිදුකර ඇති ආකාරය අධ්‍යයනය කෙරේ. මෙම පර්යේෂණය සමාජ වාග්විද්‍යාත්මක සිද්ධාන්තයන්ට අනුගත වූවකි. දත්ත රැස්කිරීමේදී එරට ව්‍යවස්ථා සංශෝධන, භාෂා ප්රතිපත්තීන් හා විවිධ චක්‍ර ලේඛනාදී පරිශීලන ක්‍රම අනුගමනය කරන ලදී. එහිදී සමූහාණ්ඩුවක් වශයෙන් වුවද ස්විස්ටර්ලන්තය ක්‍රමවත් භාෂා සැලසුම්කරණයක් පවත්වාගෙන යන ආකාරය ප්‍රකට වේ. භාෂා සැලසුම්කරණයේදී පවතින දැඩි දේශපාලන තීරණ මෙන්ම සමූහාණ්ඩුවක් වශයෙන් ප්‍රාන්ත රාජ්‍යයන්ට සිදු කර ඇති ක්‍රමවත් බල විමධ්‍යගත කිරීම හේතුවෙන් එරට භාෂා අර්බුදයකින් තොරව භාෂා සැලසුම්කරණය සිදුකිරීමටත්, එය පවත්වාගෙන යාමටත් හැකි වී තිබේ. බහුභාෂක රටක් වුවත් ව්‍යුහාත්මක වශයෙන් එරට භාෂා සැලසුම්කරණයේ පවතින ක්‍රමවත් බවද, ප්‍රාන්ත වශයෙන් පවතින භාෂා නිදහසද එරට භාෂා අර්බුද නිර්මාණය නොවීමට හේතු වී ඇත. තුන්වන ලෝකයේ බහුභාෂක බොහෝ රටවල ක්‍රමවත් භාෂා සැලසුම්කරණයක් නොමැති වීම හේතුවෙන් විවිධ භාෂා අර්බුද නිර්මාණය වන කලෙක එම රටවලට ස්විස්ටර්ලන්තයෙහි භාෂා සැලසුම්කරණය මඟින් මහත් ආදර්ශයක් සැපයෙනු ලැබේ.