Abstract:
භාෂාව යනු, සජීවී මාධ්‍යය කි. භාෂාවෙහි ප්රමුඛ වන්නේ භාෂණය යි. භාෂණය මත ලේඛනය රඳා පවතී. විදේශ භාෂා අධ්‍යයනය අතින් බැලූ කල විදේශ භාෂාවක් ඉගෙනීම සාර්ථක වන්නේ ගුරුවරයා සහ සිසුවා මුහුණට මුහුණලා සිදු කරනු ලබන සිදු කරනු ලබන ඉගැනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ ය. විශේෂයෙන් අදාළ භාෂාවේ මූලික උච්චාරණ පිළිබඳ පැහැදිලි අවබෝධකින් තොරාව භාෂාව නිවැරදිව ග්‍රහණය කර ගැනීම අපහසු ය. ශ්‍රී ලංකාවේ අ.පො.ස සාමාන්‍ය පෙළ, අ.පො.ස උසස් පෙළ සහ විශ්වවිද්‍යාල මට්ටමින් විදේශ භාෂාවක් ලෙස හින්දී භාෂාව ඉගෙන ගන්නා සිසුන් බොහෝ ප්‍රමාණයක් සිටින අතර කොවිඩ් වසංගතය හමුවේ දැනට වසර දෙකක පමණ සිට ඔවුන් හින්දී භාෂාව ඉගෙන ගනු ලබන්නේ මාර්ගගත ක්‍රමය ඔස්සේ ය. මෙලෙස මාර්ගගත ක්‍රමය ඔස්සේ හින්දී භාෂාව ඉගැන්වීමේ දී සිසුන් අතින් සිදුවන කෙටිකාලීන සහ දිගුකාලීන උච්චාරණ දෝෂ කවරේ ද යන්න හඳුනාගැනීම මෙම පර්යේෂයේ අරමුණ විය. මෙම පර්යේෂණයේ ගැටලුව වන්නේ, මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුවන ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ හින්දී භාෂාවේ මූලික ශබ්ද හඳුනාගැනීම කෙතරම් දුරට සාර්ථක ද යන්නයි. මෙම පර්යේෂණාත්මක අධ්‍යයනය සඳහා 2023 වසරේ අ.පො.ස උසස් පෙළ ලිවීමට නියමිත සිසුන් 30 දෙනකුගෙන් යුතු නියැදියක් තෝරා ගනු ලැබීය. මෙහිදී ප්‍රධාන වශයෙන් සම්මුඛ සාකච්ඡා, ප්‍රශ්ණාවලි සහ සහතික මූලාශ්‍රය වශයෙන් පොත්පත් ආශ්රයෙන් ද තොරතුරු රැස් කර ගන්නා ලදී. තොරතුරු විශ්ලේෂණය ශබ්ද විද්‍යාත්මක මූලධර්ම ඔස්සේ සිදු කරන ලදී. මෙම පර්යේෂණය මගින් හඳුනාගත් ගැටලු අතරින් උච්චාරණ ස්ථානය සහ කාරණය ගුරුවරයාට භෞතිකව පෙන්වීමට අපහසු බැවින් අර්ධ සංවෘත මධ්‍ය ආකුචිත දීර්ඝ ශබ්දය උච්චාරණය අපහසු වීම, අර්ධ විවෘත පූර්ව විකුචිත දීර්ඝ ශබ්දය උච්චාරණය අපහසු වීම නිසා සිංහල භාෂාවේ ‘ඒ‘ ශබ්දයට සමාන ව උච්චාරණය කිරීමෙන් ලේඛන දෝෂ හට ගැනීම, අනුනාසිකය කිසිලෙසක උච්චාරණය නොකිරීම, හින්දී වාක්‍ය අවසානයට ‘හෑ˚‘ පාදය යෙදීමේදී “‘හෑ‘ වලට තිතක් එනවා” යි විස්තර කර පැවසීම ආදිය ප්රමුඛ වේ. ඒ අනුව, මාර්ගගත ක්‍රමය ඔස්සේ හින්දී භාෂාව ඉගෙන ගැනීමේදී හින්දී භාෂාවේ මූලික උච්චාරණ ක්‍රම රාශියක් සිසුන්ට ග්‍රහණය කර ගැනීමට අපහසු බව නිගමනය කළ හැකි ය.