Abstract:
භාෂාවක ව්‍යුහය නිර්මාණය වීමේ දී ශබ්ද, අකුරු, වචන, පද, වාක්‍ය ආදිය ඉතා වැදගත් සාධක වේ. ඕනෑම භාෂාවක මුඛ්‍ය ව්‍යාකරණ කොටස ලෙස වචන හදුන්වා දිය හැකි ය. එහි දී වචන - ඒකවචන සහ බහුවචන ලෙස කොටස් දෙකකට බෙදා වෙන් කිරීම භාෂා ව්‍යාකරණයේ සුවිශේෂ සාධකයකි. හින්දී සහ සිංහල යන භාෂා දෙකෙහි ම මාතෘ භාෂාව සංස්කෘත භාෂාව වීම හේතුවෙන් මෙම භාෂා දෙකෙහි ම සමානතා බොහොමයක් ප්රත්යක්ෂ ලෙස හඳුනා ගත හැකි ය. හින්දී සහ සිංහල යන භාෂා දෙකෙහි ම ඒකවචන බහුවචන නිර්මාණය කිරීමේ නීති සුවිශේෂ ව්‍යාකරණ අංගයක් ලෙස අධ්‍යයනයට ලක් කළ හැකි ය. එම නීති මාලාව සැකසීමේ දී හින්දී භාෂාවේ දී ලිංග භේදය පදනම් කරගැනීමත් සිංහල භාෂාවේ දී ප්‍රාණවාචී අප්‍රාණවාචී බව පදනම් කරගැනීමත් සුවිශේෂ සාධකයකි. ඒ අනුව භාෂා දෙකෙහිදී ම වචනයකට ප්‍රත්‍ය එක් කිරීමෙන් ද වචනයකින් ප්‍රත්‍ය ඉවත් කිරීමෙන් ද ඇතැම් විට කිසිදු වෙනසක් සිදු නොකිරීමෙන් ද ඒකවචන බහුවචන පද සාධනය කරනු ලබයි. ඒ අනුව හින්දී සහ සිංහල භාෂාවල ඒකවචන බහුවචන පද නිර්මාණය කිරීමේ නීති පිළිබද තුලනාත්මක අධ්‍යයනයක් සිදු කිරීම මෙම පර්යේෂණයේ අරමුණ වන අතර හින්දී සහ සිංහල භාෂාවල ඒකවචන බහුවචන පද නිර්මාණය කිරීමේ දී සමානතා මෙන් ම අසමානතා ද නිරීක්ෂණය කළ හැකි බව මෙම අධ්‍යයනයේ දී නිගමනය කළ හැකි ය.