Abstract:
කොවිඩ් වසංගත තත්ත්වයෙන් ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්රයන් මෙන්ම අධ්‍යාපන ක්ෂේත්රය ද පසුබෑමකට ලක් විය. ඒ සදහා විකල්ප ක්‍රමවේදයක් ලෙස මාර්ගගත අධ්‍යාපන ක්‍රමයට අනුගතවිණි. එය පාසල්, විශ්වවිද්‍යාල මෙන්ම බහුතරයක් අධ්‍යාපන ආයතනයන්හි වර්තමානයේ ක්‍රියාත්මකවන ක්රමවේදයකි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළ නර්තනය වැනි විෂයන් ද මෙම ක්‍රමවේදයට අනුගත වීමට සිදු ව ඇත. මාර්ගගත ක්‍රමය ඔස්සේ සබරගමු ප්‍රායෝගික දේශන පැවැත්වීම පිළිබඳ විද්‍යාර්ථීන්ගේ ආකල්පය හඳුනාගැනීම මෙම පර්යේෂණයේ මුලික අරමුණ යි. වසංගත කාලය තුළ සබරගමු නර්තනයට අදාළ ප්‍රායෝගික දේශන මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පැවැත්වීම සාර්ථක ක්‍රමවේදයක් ලෙස භාවිත කළ හැකි ද යන ගැටලුයෙහි පිහිටා මෙම පර්යේෂණය සිදුකරන ලදී. මෙය සාර්ථක ක්‍රමවේදයක් ලෙස භාවිත කළ හැකියි යන උපන්‍යාසයේ පිහිටා සිදුකරන ලද ගුණාත්මක පර්යේෂණයකි. දත්ත රැස් කිරීමේ දී ප්‍රාථමික හා ද්විතීයික මුලාශ්‍රය භාවිත කෙරුණි. ප්‍රාථමික මුලාශ්‍රය යටතේ සම්මුඛ සාකච්ඡා ක්‍රමය හා මාර්ගගත ප්‍රශ්නාවලි ක්‍රමය භාවිත විය. සහේතුක නියැදිකරණය යටතේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සබරගමු විෂය හදාරන සිසුන් 30 දෙනෙකු දත්ත දායකයන් ලෙස යොදා ගන්නා ලදී. ද්විතීයික මුලාශ්‍රය යටතේ පර්යේෂණ ලිපි පරිශීලනය කරන ලදී. බහුතරයක් විද්‍යාර්ථින්ට ආධුනික නර්තන සම්ප්රදායක් වන සබරගමු විෂය මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉගැන්වීමේ දී ඒ සදහා විවිධ ඉගැන්වීම් ක්‍රමවේදයන් භාවිත කරන ලදී .ක්රමානුකූල ඉගැන්වීම රටාව, දේශනය ආරම්භ කිරීමට ප්‍රථම පෙර දේශනයේ කොටස් ආවර්ජනය කිරීම, වීඩියෝ පට ලෙස පාඩමට අදාළ කොටස් දේශකවරයාට ලබා දීම හා එහි ප්‍රතිපෝෂණ වාර්ථා සිසුන්ට ලබා දීම, සබරගමු සම්ප්රදාය තුළ දේශනයට අදාළ නිර්මාණශීලි ක්‍රියාකාරකම්වල නිරතකරවීම, විද්‍යාර්ථින්ගෙන් ස්වයං ඇගයීම් වාර්ථා ලබා ගැනීම ආදි ක්‍රමවේදයන් මෙම මාර්ගගත ක්රමයේ භාවිත කැරිණි. එමෙන් ම දේශකවරයාගේ ඉගැන්වීම් රටාව ප්රබලව ම බලපාන සාධකයක් බවත් විෂයට ඇති ප්‍රියතාවය හා නව ඉගැන්වීම් ක්‍රමවේදයන්ට ඇති රුචිකත්වය හේතුවෙන් දේශනවලට ඉහළ සහභාගීත්වයක් ඇති බවත් පර්යේෂණය තුළින් අනාවරණය විය. විඩියෝ තිරය විවෘත කර දේශනයට සහභාගීවීම තුළින් සම්ප්රදායේ අංගහාර ධාරණයකරගැනීම හා ගුරුවරයා අතර මනා සම්බන්ධතාවක් පවත්වා ගැනීමට හැකි බව පර්යේෂණයේ දී අනාවරණය වුවකි. දේශන සාර්ථකව පවත්වාගෙන යාමට දේශකවරයාගේ ඉගැන්වීම් රටාව හා ඉගෙනුම් ආධාරකයන් ප්‍රධාන වශයෙන් බලපා ඇත. ඒ අනුව වසංගත කාලය තුළ සබරගමු නර්තනයට අදාළ ප්‍රායෝගික දේශන මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වීම සාර්ථක ක්‍රමවේදයක් ලෙස භාවිත කළ හැකි බවත් ඒ පිළිබද යහපත් ආකල්පයක් විද්‍යාර්ථින් තුළ පවතින බවත් පර්යේෂණයෙන් අනාවරණය විය