Abstract:
සාම්ප්‍රදායික ඇදහිලි, විශ්වාස හා සම්ප්‍රදායන්වලින් සමන්චිත වූ, ශිෂ්ටාචාරයට නිරාවරණය වීමට පෙර කිසියම් භූගෝලීය ප්‍රදේශයක විසූ දැනට පවතින හෝ වඳවීගිය ඓතිහාසික සංස්කෘතියකින් යුතු සංස්කෘතිකමය කණ්ඩායමක් හෝ එවැන්නන්ගෙන් පැවතෙන අය ආදීවාසීන් ලෙස හඳූනාගත හැකිය. නූතන සංකීර්ණ සමාජයෙන් වෙන් වී තමන්ටම ආවේණික පරිසරයක ජිවත් වීමට සැම ආදීවාසී ජන කණ්ඩායමක්ම කටයුතු කරයි. ශ්‍රී ලංකාවේ ආදිවාසික ජන කණ්ඩායම වැදි ජනතාවයි. කාල වර්ණ හමක්, දිගු කෙස් වැටියක් සහ පළල් නහයක් සහිත ඔස්ට්‍රොලොයිඩ් ආසියාතික වර්ගයට අයත් ඝර්ම කලාපීය වනාන්තරවල වසර මිලියන ගණනකට ඉහත දී පරිණාමය වූ ජන කොට්ඨාසයකින් ශ්‍රී ලංකාවේ වැදි ජනතාවද පැවත එතැයි මානව හා පුරා විද්‍යාඥයන්ගේ පිළිගැනීමයි. පාකර් (1900-9), සෙලිග්මාන් (1911), සැරසින්(1892-3) ආදීහු සිදු කරනු ලැබූ වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාවේ වැදි ජනයා ප්‍රධාන කාණ්ඩ තුනකි. එනම් කැලැ වැද්දන් ,ගම් වැද්දන් හා මුහුදු බඩ වැද්දන් යනුවෙනි. දඹාන වැදි ජනතාව කැලැ වැද්දන්ගේ කාණ්ඩයට අයත් වේ. සමාජ, ආර්ථික,දේශපාලන විකාශනය මත ඔවුන්ගේ අවශ්‍යතා, ජිවන පැවැත්ම, ආර්ථික හා සන්නිවේදන අවශ්‍යතා පු`ථල් වන්නට ඇත. මෙරට 1977 වර්ෂයේ දී විවෘත ආර්ථික ඇති වූ වෙනස්කම්වල ප්‍රතිලයක් ලෙස මෙරට විද්්‍යුත් ඒකාධිකාරය හිමි කරගෙන සිටි ගුවන් විදුලි සංස්ථාව ගුවන් විදුලි විකාශන කටයුතු විමධ්‍යගත කරනු ලැබීය. එනම් ප්‍රාදේශීය ගුවන් විදුලි සහ ප්‍රජා ගුවන් විදුලි ඇති කරන ලදි. 1985 දී ගිරාදුරුකෝට්ටේ ප්‍රජා ගුවන් විදුලිය ආරම්භ කරනු ලැබීය. පසුව දඹාන වැදි ආදීවාසී ප්‍රජාව මුල් කරගෙන දඹාන එෆ්. එම් ආරම්භ කරනු ලැබීය. මෙම පර්යේෂණයේ දී ප්‍රධාන ගැටලුව ලෙස දඹාන වැදි ජනතාවගේ දඹාන එෆ්.එම් ගුවන් විදුලි මාධ්‍යය භාවිතය කවරේද? යන්න අධ්‍යයනය කරන ලදි. එහිදී උප අරමුණු ලෙස වැදි ජනතාව ගුවන් විදුලි මාධ්‍ය වැඩි වශයෙන් භාවිත කරන්නේ කුමන අරමුණු සඳහාද?, ශ්‍රවණය කිරීමට වඩාත් කැමැති වැඩ සටහන කුමක්ද, දිනකට කොපමන වේලාවක් ගුවන් විදුලියට සවන් දෙන්නේද? යන්න අධ්‍යයනය කරන ලදි. එම අරමුණු ඉටු කර ගැනීම උදෙසා අරමුණුගත නියැදිය භාවිත කරමින් දීර්ඝ සම්මුඛ සාකච්ඡා මඟින් දත්ත ලබා ගනු ලැබීය. ගුවන් විදුලිය බෙහෙවින් භාවිත කෙරෙන බව උපන්‍යාසය ලෙස යොදා ගනු ලැබීය. ලබාගත් දත්ත විශ්ලේෂණය කළ විට පර්යේෂණයේ අවසන් නිගමනය ලෙස උපන්‍යාසය සනාථ කරමින් දඹාන වැදි ජනතාව ගුවන් විදුලිය මාධ්‍ය තොරතුරු දැනගැනීම සඳහා සහ ගීත රසවින්දනය සඳහා භාවිත කරන බව සනාථ විය.