Abstract:
දෙවසරකට අධික කාලයක සිට පැවතෙන කොරෝනා වසංගතය අවම කිරීමෙහිලා සෞඛ්‍යමය තොරතුරු නිර්මාණය කිරීම සහ ව්‍යාප්තිය කෙරෙහි සමාජ මාධ්‍ය බලපාන ආකාරය මෙම පර්යේෂණයේදී අධ්‍යයනය කරනු ලබයි. මිනිසාගේ දැනුවත්භාවය ඇති කිරීම සඳහා වත්මන් සමාජයේ සුලබව භාවිත ෆේස්බුක් සමාජ මාධ්‍යය මඟින් සෞඛ්‍ය තොරතුරු නිර්මාණය සහ ව්‍යාප්තිය කොතෙක් දුරට ඉටු වූයේ ද, එමගින් සන්නිවේදනයක් සිදු වූයේ ද යන්න මෙහිදී අධ්‍යනය කරන ලදී. කොරෝනා වසංගතය අවම කිරීමෙහිලා සමාජ මාධ්‍ය, තොරතුරු නිර්මාණය සහ ව්‍යාප්තිය කෙරෙහි බලපෑමක් ඇති වූයේද යන්න මෙම පර්යේෂණයේ මූලික ගැටලුවයි. එමෙන්ම කොවිඩ් ව්‍යාප්තිය අවම කිරීමෙහි ලා නිර්මාණය කරන ලද සමාජ මාධ්‍ය සටහන් හා ශ්‍රව්‍ය දෘෂ්‍ය නිර්මාණ මගින් සමාජයට සිදු වූ බලපෑම අධ්‍යයනය කිරීම මෙම පර්යේෂණයේ මූලික අරමුණයි. එමෙන්ම කොවිඩ් ව්‍යාප්තිය අවම කිරීමෙහි ලා සමාජ මාධ්‍ය සන්නිවේදනය සිදු වූ ආකාරය විශ්ලේෂණය කිරීම මෙම පර්යේෂණයේ ද්විතීක අරමුණයි. බෝවන රෝග ව්‍යාප්තිය අවම කිරීමෙහි ලා මෙවලමක් ලෙස සමාජ මාධ්‍ය භාවිත කළ හැකි ආකාරය අධ්‍යයනය කිරීමත් තොරතුරු සමාජ මාධ්‍යගත කළ යුතු ආකාරය මෙම අධ්‍යයනයේ සෙසු අරමුණු වේ. ශ්‍රී ලංකාවට 2020.03.10 දින සිට බලපානු ලැබූ මෙම වසංගත තත්වය හමුවේ ෆේස්බුක් සමාජ මාධ්‍යයෙහි නිර්මාණය වූ සහ ව්‍යාප්ත වූ කෝවිඩ් -19ට අදාළ සෞඛ්‍ය තොරතුරු අන්තර්ගත සටහන් ඇතුළු අනෙකුත් නිර්මාණ භාවිත කරමින් මිශ්‍ර ක්‍රමවේදයක් ඔස්සේ මෙම පර්යේෂණය සිදු කරන ලදී. වයස අවුරුදු 18ට වැඩි ෆේස්බුක් මාධ්‍ය පරිහරණය කරනු ලබන පුද්ගලයින් තුන්සියයකින් යුතු අහඹු නියැදිය මෙම අධ්‍යයනයේ පර්යේෂණ නියැදිය වේ. එම නියැදිය සඳහා බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්කයන්ගෙන් එක් දිස්ත්‍රික්කයකින් 100 දෙනෙකු බැගින් දිස්ත්‍රික්ක ත්‍රිත්වයම ආවරණයවන පරිදි තුන්සියයක් පුද්ගලයන් අහඹු ලෙස තෝරාගන්නා ලදී. කෝවිඩ්-19 කාලසීමාව තුළ සෞඛ්‍යමය තොරතුරු ෆේස්බුක් මාධ්‍ය සටහන් හා නිර්මාණ මඟින් පුද්ගල දැනුවත්භාවයට සිදුකරනු ලැබූ බලපෑම ප්‍රමාණාත්මක සහ ගුණාත්මක දත්තයන් මඟින් අනාවරණය කරගත හැකිවන අයුරින් ප්‍රශ්නාවලියක් නියැඳිය සඳහා ලබාදෙන ලදී. සමීක්ෂණ ක්‍රමය සහ ක්ෂේත්‍ර අධ්‍යයන ක්‍රමය යන ප්‍රධාන දත්ත ඒකරාශීකරණ ක්‍රමවේදයන්ට අනුව අනුගත වෙමින් පයේෂණය සිදුකිරීමට අවශ්‍ය දත්ත රැස්කිරීම සිදු කරන ලදී. ද්විතීක මූලාශ්‍ර වශයෙන් ග්රන්ථ, සඟරා, අන්තර්ජාල වෙබ් අඩවි, රාජ්‍ය ආයතන සංවිධාන බ්ලොග් අඩවි සහ පෞද්ගලික අන්තර්ජාල වෙබ් අඩවි ඔස්සේ අධ්‍යනය කිරීම සිදු විය. තවද, සම්මුඛ සාකච්ඡා සහ ප්‍රශ්නාවලි ක්‍රමවේදයන් ඔස්සේ අවශ්‍ය ගුණාත්මක සහ ප්‍රමාණාත්මක දත්ත රැස් කිරීම සිදු කරන ලදී. ශ්‍රී ලාංකේය ජනතාව දැනුවත් කිරීම උදෙසා සෞඛ්‍ය තොරතුරු නිර්මාණය සහ වසංගත තත්වය අවම කිරීම කෙරෙහි අනෙකුත් මාධ්‍යයන්ට සාපේක්ෂව සමාජ මාධ්‍යයන්ට හිතකර සහ ප්රබලබලපෑමක් එල්ල කළ හැකි බව නිගමනය විය. එසේම තත්වයෙන් උසස්, විශ්වසනීයත්වයෙන් යුතු සත්‍ය තොරතුරු ක්රමානුකූල ව්‍යුහයක් ඔස්සේ සමාජ මාධ්‍ය මඟින් සම්ප්‍රේෂණය කළ යුතුය. එය කාලීන අවශ්‍යතාවකි. එයට සමගාමීව අසත්‍යය තොරතුරු වාරණ ක්‍රමවේදක් නීති පද්ධතියක් නිර්මාණය විය යුතු බව මෙම පර්යේෂණයට සමගාමී යෝජනා වේ.