Abstract:
කියවීම යනු මානව වර්ගයාගේ දැනුම, කුසලතා වර්ධනයට මෙන්ම තවත් බොහෝ ධනාත්මක ප්‍රතිඵල ලබා දෙන ජීවිතයට ඉතා වැදගත් අංගයකි. “කියවීම” පරිපූර්ණ මිනිසකු නිර්මාණය කිරීමට ඉවහල් වන අතීතයේ සිට මේ දක්වාම සමාජය විසින් ඉහළින්ම පිළිගන්නා වූ කරුණකි. එනම්, මිනිස් ජීවිතය තුළ වැදගත් ස්ථානයක් කියවීමට හිමිවේ. කියවීම පුද්ගල දැනුම, ආකල්ප, හැකියාව, නිර්මාණශීලිත්වය, පෞරුෂ ගුණාංග, මානසික හැකියාවන් ආදී කොටගත් බොහෝ ගුණාංග වර්ධනයට දායක වනු ඇත (සුනිල්, අමරසිරි, ගුණසේකර සහ සුබසිංහ, 2016).
ඉගෙනුම් ක්‍රියාකාරකම් වර්ධනය සඳහා ද කියවීම අත්‍යවශ්‍ය සාධකයක් වශයෙන් සඳහන් කළ හැකිය. ධාරණ ශක්තිය වර්ධනය කර ගනිමින් සිසුන්ගේ අධ්‍යාපන හැකියාව දියුණු කරගැනීමට කියවීම ප්‍රයෝජනවත් වේ. එය රටක අනාගතය තීරණය කරන ප්‍රධානතම සාධකය වන අධ්‍යාපනය සමග බැඳී පවතී (Kutay, 2014).
ශ්‍රී ලාංකීය පාසල් අධ්‍යාපනය තුළ සංකීර්ණ විෂය මාලාවක් සමඟ අධ්‍යාපන කටයුතුවල නිරත වීමට සිදුවීමත් සමඟ කියවීමට කාලය යොමු වීම බොහෝ විට අවම මට්ටමක පවතී. වර්තමාන විමර්ශනවලින් පැහැදිලි වන පරිදි විභාග මූලික අධ්‍යාපන ක්‍රමයක් මෙරට ක්‍රියාත්මක වීම තුළ සිසුන් කියවීමට යොදවන කාලය ඉතාම පහළ මට්ටමක පවතින අතර තාක්ෂණික දියුණුවද කියවීම පහළ වැටීමට හේතු වී ඇත. විශේෂයෙන්ම වර්තමාන උසස් පෙළ පාසල් දරුවන් කියවීමට දක්වන නැඹුරුතාව අධ්‍යයනයට ගනිමින් ඔවුන්ගේ අධ්‍යයන කාර්ය සාධනය සඳහා එය බලපාන ආකාරය මෙහිදී විශ්ලේෂණයට ලක් කරනු ලබයි.