Abstract:
2030 වන විට ශ්‍රී ලංකාව තිරසාර රටක් කරා ගමන් කිරීමේදී අරමුණු 17ක් එයින් දෙවන අරමුණ වන සාගින්න තුරලීම යටතේ දේශීය කෘෂිකර්මාන්තය නගා සිටුවීම වැදගත් වේ. වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිර්දේශයක් අනුව රසායනික පොහොර භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කරන්නට විය. මෙම පර්යේෂණයේ ඇති වැදගත්කම වන්නේ මෙය කාලීන මාතෘකාවක් වීම මෙන්ම මෙම මාතෘකාව පදනම් කරගත් වෙනත් පර්යේෂණයක් දැකගැනීමට නොහැකි වීමයි. රසායනික පොහොර තහනමත් සමඟ දේශීය ගොවියා ගැටලු රුසකට මුහුණ පාන්නට විය. මේ හේතුව නිසා 2021 වර්ෂයේ මහ කන්නයේ වී ගොවිතැන බොහෝ සෙයින් කඩා වැටෙන්නට විය. පොහොර නොමැතිකමින් වී නිෂ්පාදනය බොහෝ සෙයින් පහළ බසින්නට විය. ඒ සමඟ වී මිල ඉහළ යෑමත්, සහල් මිල ඉහළ යෑමත් සිදු වන්නට විය. ඒ අනුව අධ්‍යයන ගැටලුව වන්නේ වී නිෂ්පාදනයට රසායනික පොහොර භාවිතය කෙතරම් අත්‍යවශ්‍ය වේද යන්නයි.
ආහාර සුරක්ෂිතතාවය සාක්ෂාත් කර ගැනීම සඳහා වී වගාව සැලකිය යුතු දායකත්වයක් සපයයි. කෙසේ වෙතත්, වී ගොවීහු බොහෝ ගැටලුවලට මුහුණ දී ඇත. සීඝ්රයෙන් වෙනස් වන සමාජ ආර්ථික හා ස්වාභාවික ගැටලු හමුවේ ගොවි ජනගහනයෙන් හරි අඩකට ආසන්න පිරිසක් දරිද්‍රතාවයෙන් පෙළෙමින් සිටී. කෘෂිකාර්මික කටයුතුවලදී පොහොර සපයාගැනීමේ දී සිදුවන අපහසුතා, දියුණු යන්ත්‍රෝපකරණ භාවිතා නොකිරීම, දියුණු වගා ක්‍රම භාවිතා නොකිරීම වැනි දේවල් නිසා ලැබෙන අස්වැන්න අඩු වීම වැනි ගැටළුවලට ද ගොවියා මුහුණදෙනු ලබයි. දිගින් දිගටම මතුවන ගැටළු නිසා ඇතැම් ගොවියන් වී ගොවිතැන අත්හැර වෙනත් වගාවන් සඳහා යොමුවී තිබේ. මෙම තත්ත්වය දිගින් දිගටම පැවතුණහොත් වසරකට අවශ්‍ය සහල් ප්‍රමාණය නිෂ්පාදනය කරගැනීමේ අපහසුතාවයක් ඇති වීමේ අවදානමක් ද තිබේ.