Abstract:
“අධ්‍යාපනය යනු බොහෝ විට අනෙක් අය විසින් සකස් කරන ලද යම් සැලැස්මකට අනුව මිනිසුන් තුළ ඉගෙනීම විදහා දැක්වීමට දරණ උත්සාහය” (පාවුලො ෆ්‍රයර්). අධ්‍යාපනයේ මූලික පරමාර්ථය වනුයේ සර්ව සම්පූර්ණ මිනිසෙකු ලෝකයට දායාද කිරීමයි. එක්සත් ජාතින්ගේ ළමා අයිතිවාසිකම් පිළිබද අන්තර්ජාතික සම්මුතියේ පළමු ව්‍යවස්ථාව අනුව වයස අවුරුදු 18ට අඩු සියළුම මනුෂ්‍යයින් ළමයින් ලෙසට අර්ථ දක්වා ඇත. මෙම වයසේදී ප්‍රථම රාජකාරිය වනුයේ හොඳ අධ්‍යාපනයක් ලැබීමයි. අධ්‍යාපනය ලැබීම සෑම දරුවකුගේම අයිතිවාසිකමක් වේ. ශ්‍රී ලංකාවේ මුළු භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 65,612 කි. මෙයින් වර්ග කිලෝමීටර 62,707 භූමිය වන අතර, ජලයෙන් යට වී ඇති ප්‍රමාණය වර්ග කිලෝමීටර 2,905 වේ. ලොව 25වන විශාලතම දුපත වන්නේ ශ්‍රී ලංකාවයි (Calder, 2016). ශ්‍රී ලංකාව තුළ දළ වශයෙන් 21,670,000 ආසන්න ජන ඝනත්වයක් පවතින අතරම වාර්ෂික ජනගහන වේගය 1.14% වේ. රටේ ජනගහනයෙන් 74.8% බහුතරය සිංහල ජනතාව වේ (Statistics, 2012). ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු දත්තවලට අනුව වර්තමානය වන විට ශ්‍රී ලංකාව පුරා ශිෂ්‍යයන් මිලියන 4.3 පමණ අධ්‍යාපනය හදාරනු ලබයි. ශ්‍රී ලංකාව තුළ සමස්ත පාසල් සංඛ්‍යාව 11,079 වන අතර ඒවායින් 10,394 රජයේ පාසල් වේ. එයින් පාසල් 306 ජාතික පාසල් වේ. පෞද්ගලික පාසල් 77 ද, පිරිවෙන් 560 දක්නට ලැබේ. වෙනත් අනුබද්ධ පාසල් 637 යටතේ මෙරට අධ්‍යාපනය ක්‍රියාත්මක වේ. නිදහසින් පසුව ශ්‍රී ලංකාවේ පාසල් ප්‍රමාණය මෙන්ම සාක්ෂරතා අනුපාතය සැලකිය යුතු ලෙස වැඩි වී ඇත :ීඒඑසිඑසජිල (Statistics, 2018-2019). වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන විශාල ගැටළුවක් ලෙස මෙම අතරමග පාසල් අතහැර යාම පෙන්වා දිය හැකිය. මේ පිළිබඳ වර්තමානයේ බොහෝ සෙයින් කතා බහට ලක්වෙන කරුණක් බැවින් මෙයට බලපාන හේතු සාධක පිළිබඳව මෙහිදී අධ්‍යයනය සිදු කර ඇත.