dc.identifier.citation |
දිසානායක ඩී.එම්.ඒ.එස්. (2021), ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල නිවුන් සහ නිවුන් නොවන සහෝදර සහෝදරියන්ගේ අධ්‍යාපනය කෙරෙහි බලපාන සාධක හඳුනාගැනීම, 7th National Research Conference on Applied Social Statistics 2022. Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya, Sri Lanka. 57-62 |
en_US |
dc.description.abstract |
නිවුන් දරු උපත් සංඛ්‍යාව ජනගහන සංඛ්‍යාවට අනුව වෙනස් වන බව ස්මිත් විසින් ඔහුගේ අධ්‍යයනය තුළින් නිගමනය කරන ලදි (ස්මිත්, 1965). ඒ අනුව වර්තමාන ලෝකයේ වැඩිවන ජන සංඛ්‍යාවත් නාගරීකරණයත් හේතුවෙන් නිවුන් දරුවන්ගේ ව්‍යාප්තිය වැඩි වී ඇති බව හඳුනාගත හැකිය. සාමාන්‍ය දරුවන්ට සාපේක්ෂව නිවුන් දරුවන්ගේ සුවිශේෂී ලක්ෂණ දැකගත හැකි අතර ඒ සඳහා සාධක ගණනාවක් බලපානු ලබන බව හඳුනාගත හැකිය. එය හේතු කොටගෙන පර්යේෂකයන් විසින් නිවුන් දරුවන් පිළිබඳව විශාල පර්යේෂණයන් ප්‍රමාණයක් සිදු කරන ලදි. 1875 වර්ෂයේදී ලෝකයේ නිවුන් දරුවන් පිළිබඳව ප්‍රථම වරට “නිවුන් දරුවන්ගේ ඉතිහාසය” නමින් ගැල්ටන් විසින් පර්යේෂණයක් සිදු කරන ලදි. ඔහුගේ අධ්‍යයනයේ දී නිවුන් දරුවන්ගේ පවුල් සඳහා ප්‍රශ්නාවලියක් ලබාදෙමින් අධ්‍යයනය සඳහා දත්ත රැස්කර ගන්නා ලදි. ගැල්ටන් විසින් මෙම අධ්‍යයනයේ දී නිවුන් දරුවන්ගේ බිහිවීම සහ ඔවුන්ගේ සමාජ ආර්ථික පරිසරය පිළිබඳව අවධානය යොමු කරමින් නිගමන කරා එළඹී ඇත. නිවුන් දරුවන් පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා ගැල්ටන්ගේ දායකත්වය වර්තමානය දක්වාම පවතින අතර ඔහු විසින් වැදගත් අධ්‍යයන ක්ෂේත්‍රයක් බිහිකර ඇත (ගැල්ටන්, 1875). 2020 වසරේ දී අධ්‍යාපනය සඳහා ජානමය බලපෑම සහ පාරිසරික බලපෑම කොතරම් දුරට බලපාන්නේ ද? යන මාතෘකාව ඔස්සේ කාරි, ඇලින් සහ රෙජියොෆ් විසින් නිවුන් දරුවන් යොදාගනිමින් අධ්‍යයනයක් සිදු කරන ලදි. සම නිවුන් දරුවන්ගේ අධ්‍යාපනය සඳහා ජානමය බලපෑම සහ පාරිසරික බලපෑම යන සාධක දෙකම බලපාන බව අධ්‍යයනයේ නිගමනවලින් තහවුරු වන අතර විෂම නිවුන් දරුවන්ගේ අධ්‍යාපනය සදහා ජානමය බලපෑමට වඩා පාරිසරික සාධක වඩා වැඩි බලපෑමක් සිදු කරන බව නිගමනවලින් තහවුරු විය (කාරි, ඇලින් සහ රෙජියොෆ්, 2020). ඒ අනුව නිවුන් දරුවන් පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා ආරම්භයේ සිට වර්තමානය දක්වාම විවිධ මාතෘකා ඔස්සේ විශාල අධ්‍යයනයන් ප්‍රමාණයක් සිදුකර ඇති නමුත් නිවුන් සහ නිවුන් නොවන දරුවන්ගේ අධ්‍යාපනය කෙරෙහි බලපාන සාධක පිළිබඳව ගෝලීය වශයෙන් සහ ශ්‍රී ලංකාව තුළ සිදුකර ඇති අධ්‍යයනයන් ඉතාමත් සීමිත වේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල නිවුන් සහ නිවුන් නොවන සහෝදර සහෝදරියන්ගේ අධ්‍යාපනය කෙරෙහි බලපාන සාධක හඳුනා ගැනීම මෙම අධ්‍යයනයේ අරමුණ විය. මෙම අධ්‍යයනය මඟින් රාජ්‍ය විශ්වවිද්‍යාලවල නිවුන් සහ නිවුන් නොවන සහෝදර සහෝදරියන්ගේ අධ්‍යාපනය කෙරෙහි බලපාන සාධක හඳුනාගන්නා බැවින් ඔවුන් වැඩි අවධානයක් යොමු කළ යුතු සාධක පිළිබඳව අවබෝධයක් ලබාගනිමින් ඔවුන්ගේ අධ්‍යාපනය සාර්ථකව සිදු කරගැනීමට කටයුතු කිරීම සඳහා මෙම අධ්‍යයනය වැදගත් වේ. මෙම අධ්‍යයනයේ දී විශ්වවිද්‍යාලවල නිවුන් දරුවන් පිළිබඳව අධ්‍යයනය කරන බැවින් ඔවුන්ට අවශ්‍ය පහසුකම් නීති, ප්‍රතිපත්ති, ලැබිය යුතු වරප්‍රසාද වැනි දේ පිළිබඳව කටයුතු කිරීමේ දී මෙම අධ්‍යයනය ඉතාමත් වැදගත් වේ. මෙම අධ්‍යයනය සඳහා ශ්‍රී ලංකාවේ සියලුම නිවුන් සහ නිවුන් නොවන සහෝදර සහෝදරියන් ඇතුළත් නොවන අතර විශ්වවිද්‍යාල සිසුන් පමණක් ඇතුළත් වේ- මෙම අධ්‍යයනය මඟින් නිවුන් සහ නිවුන් නොවන සහෝදර සහෝදරියන්ගේ අධ්‍යාපනය කෙරෙහි බලපානු ලබන සාධක පිළිබඳව පමණක් අවධානය යොමු කරන ලදි. 1965 වසරේ දි ස්මිත් විසින් සම සහ විෂම නිවුන් දරුවන්ගේ සමාජ පාරිසරික සාධක සංසන්දනය කිරීම සඳහා සිදු කරන ලද අධ්‍යයනය මඟින් විෂම නිවුන් දරුවන්ට සාපේක්ෂව සම නිවුන් දරුවන් සමාන පරිසරයක් තුළ ජීවත්වන බව නිගමනය කර ඇත. ස්මිත් විසින් පාසල, අධ්‍යාපනය, ක්‍රීඩා, ඇඳුම් පැළඳුම්, මිතුරන් ඇසුරු කිරීම, විවේකය, නින්ද, අධ්‍යයන පුරදු සහ ආහාරපාන යනාදී විචල්‍යයන් යොදා ගනිමින් ඔහුගේ අධ්‍යයනය සිදු කර ඇති අතර දත්ත විශ්ලේෂණය කිරීමෙන් පසු සම නිවුන් දරුවන් බොහෝ අවස්ථාවලදී සමානව හැඳ පැළඳ සිටීම, අධ්‍යාපනය ලැබීම එකට සිදුකිරීම, විෂම නිවුන් දරුවන්ට සාපේක්ෂව එකම මිතුරන් ඇසුරු කිරීම වැනි සාධක ඔහු විසින් හඳුනාගෙන ඇත (ස්මිත්, 1965). පෞරුෂ වෙනස්කම් සහ ඔවුන්ගේ වෙනස් අත්දැකීම් අතර පවතින සබඳතා හඳුනා ගැනීම සඳහා බාර්කර් විසින් 1985 වසරේදී මෙම අධ්‍යයනය සිදු කර ඇති අතර අධ්‍යයනය මඟින් නිගමනය කර ඇත්තේ නිවුන් සහෝදර සහෝදරියන්ට සාපේක්ෂව නිවුන් නොවන සහෝදර සහෝදරියන් අතර විශාල වෙනස්කම් පෙන්නුම් කර ඇති බවයි. නිවුන් සහෝදර සහෝදරියන්ගේ පෞරුෂත්වය ඉහළින් පැවතීමට බලපාන සාධක කිහිපයක් ලෙස තම සහෝදර සහෝදරියන් සම වයසේ සිටීම, බොහෝ අවස්ථාවල ඔවුන්ගේ ආකල්ප සමාන වීම, ඔවුන්ගේ අත්දැකීම් වැනි සාධක මෙම අධ්‍යයනය තුළින් හඳුනාගෙන ඇත. බාර්කර් මෙම කරුණු අනුව අධ්‍යයනය මඟින් නිගමනය කරනු ලබන්නේ නිවුන් නොවන සහෝදර සහෝදරියන්ගේ පෞරුෂත්වය තුළ නිවුන් සහෝදර සහෝදරියන්ට සාපේක්ෂව වෙනස්කම් දැකගත හැකි බවයි (බාර්කර්, 1985). |
en_US |