dc.description.abstract |
කලා උපාධිධාරීන් යනු විශ්වවිද්‍යාලය තුළින් පිරිනමන කලා උපාධි පාඨමාලාවට අදාළව සමාජ විද්‍යාව, මනෝ විද්‍යාව, ආර්ථික විද්‍යාව, භූගෝල විද්‍යාව ආදී පාඨමාලාවන් හා ව්‍යවහාරික විෂයන් යටතට ගැනෙන පුස්තකාල විද්‍යාව හා පුරාවිද්‍යාව යනාදී සමාජයීය විද්‍යාවන්ද, සාහිත්‍යය විෂයන් හා නූතන භාෂා යනාදී මානව විද්‍යා විශයන්ද, තම උපාධි පාඨමාලාව ලෙස හදාරා ඇති විද්‍යාර්ථීන්ය (Lekamwasam, 2021). නමුත් ආර්ථික විද්‍යාවට අනුව රටක ආර්ථික වෘර්ධිය සඳහා මානව ප්‍රාග්ධනය ප්‍රබල බලපෑමක් දක්වන්නේ වුවද, වසර ගණනාවක ආයෝජනයේ ප්‍රතිඵල වශයෙන් බිහිවන කලා උපාධිධාරීන්ගෙන් බහුතරයකට වසර ගණනාවක් ඇවෑමෙන් උකහා ගත් දැනුම හරහා රටට සේවය සැලසීමට නොහැකිවීම තුළින් ආර්ථික වෘර්ධියට මෙම උපාධිධාරීන්ට ධනාත්මකව බලපෑම් කළ නොහැකිවේ. මන්ද යත් සේවා වියුක්තිය ගණනයේදී මුළු රැකියා විරහිත උපාධිධාරීන්ගෙන් 54%ක් කලා උපාධිධාරීන් වේ (Karunarathne & Labour Force Survey, 2019). තවද උපාධිය අවසන් කර ප්‍රථම රැකියාව සඳහා නියුක්ත වීමට වසර දෙකකට වැඩි කලක් ගතවන වැඩිම උපාධිධාරීන් ප්‍රතිශතයක් වාර්තා වන්නේද කලා උපාධිධාරීන්ගෙනි (Gunarathne, Ramanayake & Panagoda, 2018). මෙම තරුණ උපාධිධරයින් හැඳින්වෙන්නේ රටක ආර්ථික සංවර්ධනයේ වර්ධනයට හා ප්‍රසාරණයට අත්‍යාවශ්‍ය ජවසම්පන්න සහ නව තාක්ෂණික අදහස් ඇති පිරිසක් ලෙයසි (Weerasiri & Samaraweera, 2021). මෙම සේවා වියුක්තිය සම්බන්ධයෙන් විවිධ අර්ථකථන පවතී. ඒ අතරින් විරැකියාව සම්බන්ධව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර ඇති අර්ථ දැක්වීම අනුව යමින් මෙම පර්යේෂණය සිදු කර ඇත. ඒ අනුව විරැකියාව යනු දැනට රැකියාවක් නොමැති, රැකියාවක් සොයමින් සිටින, සමීක්ෂණයට පෙර සති 4ක කාල වකවානුවකදී රැකියාවක් සෙවීමට කිසියම් පියවරක් ගෙන ඇති, ඉදිරි සති දෙක ඇතුළත ලැබෙන රැකියාවක් භාර ගැනීමේ හැකියාවක් ඇති පුද්ගලයන්ය. මෙම කලා උපාධිධාරීන්ගේ විරැකියාව සම්බන්ධයෙන් න්‍යායාත්මක පසුබිම විමසා බැලීමේදී සම්භාව්‍ය න්‍යාය හා කේන්සියානු න්‍යාය වැදගත් ස්ථානයක් හිමි කරගනී. සම්භාව්‍ය න්‍යායෙන් දැක්වෙන්නේ පවතින වැටුප් මට්ටමේදී පුද්ගලයින් රැකියා සොයයි නම්, එම වැටුප් අනුපාතය ඉහළ බවත් එම නිසා සේවා වියුක්තිය අඩු කර ගැනීමට පවතින වැටුප් අනුපාතය අඩු කළ යුතු බවත්ය. නමුත් ශ්‍රමිකයින්ගේ විරෝධය හා භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ අකාර්යක්ෂමතා මතුවීම ආදී හේතු නිසා මෙය ප්‍රායෝගිකව ක්‍රියාවේ යෙදවීම අපහසු වේ (රත්නායක, 2002). සේවා වියුක්තිය සම්බන්ධ කේන්සියානු අදහස නම්, සේවා වියුක්ති තත්තවයක් දැකිය හැකි වන්නේ භාණ්ඩ අතින් සමතුලිත තත්තවයක් ආර්ථිකය අත් කරගෙන ඇති විටයි. එවැනි අවස්ථාවක සාධක වෙළෙදපොළවල් අනම්‍යතාවන්, ඉල්ලුම් ඌණතාවන් හා ගැලපුම් පිරිවැය නිසා ශ්‍රම වෙළෙදපොළ සමතුලිත මට්ටමට වඩා අඩු මට්ටමක පවතින බවයි. මෙම විරැකියා තත්ත්වය අවම කර ගැනීමට, ආර්ථිකය සජීවී ලෙස උත්තේජනය කරමින් නිෂ්පාදිතයන්ගේ මෙන්ම ආර්ථික කටයුතුවලද මට්ටම ඉහළ නංවාලීමට කටයුතු කළ යුතුය (රත්නායක, 2002). නමුදු මෙවැනි ප්‍රසාරණ කාය–යක් ඇතැම් අවස්ථාවල සංකීර්ණ විය හැක. එනම් දිලිඳු රටවල මෙන්ම ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටවල අනෙකුත් නිෂ්පාදන සාධක වල අඩුවක් පැවතිය හැක. එවිට ආර්ථික කටයුතු ප්‍රසාරණය කිරීම දුෂ්කර වේ. අනෙක් අතට සේවා නියුක්තිය නැංවීමට ක්‍රියාත්මක කරනා ව්‍යාප්තිමය කටයුතු නිසා උද්ධමන තත්ත්වයන් ඇතිවීමට ඉඩ තිබේ. සාහිත්‍ය විමර්ශනයන්ට අනුව 2020 වසf්රදී නිරෝජන් සහ භවන් කලා උපාධිධාරීන්ගේ සේවා නියුක්තිය තීරණය කරන සාධක පිළිබඳව සිදුකරන ලද අධ්‍යයනයට අනුව රැකියාවක නියැලීමෙන් ලද පළපුරුද්ද, රැකියාවේ සුරක්ෂිත තත්ත්වය, උපාධිය හදාරන ලද මාධ්‍යය, පන්ති සාමාර්ථ්‍යය, තොරතුරු තාක්ෂණික දැනුම හා ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාවය බලපාන බව සොයාගෙන ඇත. තවද 2021දී කලා හා විද්‍යා උපාධිධාරීන් විරැකියාවෙන් පෙලෙන කාලය තීරණය කරන සාධක පිළිබඳව ගුණරත්න හා ජයසිංහ විසින් සිදුකරන ලද පර්යේෂණයට අනුව පුමිතිරිභාවය, විවාහකත්වය, උපාධි පාඨමාලාවේ ස්වභාවය, උපාධිය හදාරන ලද මාධ්‍යය, බාහිර ක්‍රියාකාරකම්වල නිරත වීම ආදී වූ සාධක බලපාන බව දක්වා ඇත. 2018දී ගුණරත්න, රාමනායක සහ පනාගොඩ විසින් පෙන්වා දෙන පරිදි අනෙක් උපාධිධාරීන්ට සාපේක්ෂව කලා උපාධිධාරීන් නිර්මාණශීලිව සිතීමේ හැකියාව, මෘදු කුසලතා, සන්නිවේදන හැකියාව සහ අන්තර් පුද්ගල සබඳතා යන ගුණාංගවලින් පොහොසත් වේ. මෙනයින් ගම්‍ය වන්නේ කලා උපාධිධාරීන්ගේ විරැකියාව සඳහා පුමිතිරිභාවය, විවාහකත්වය, රැකියාව බලාපොරොත්තුවන අංශය, ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාව, පරිගණක සාක්ෂරතාව, පන්ති සාමාර්ථය, හදාරන ලද විෂයට අදාළව රැකියාවක් ලබා ගැනීමේ අපේක්ෂාව, උපාධිය හදාරන ලද මාධ්‍යය හා රැකියා පළපුරුද්ද බලපානු ලබන බවයි. මේ අනුව කලා උපාධිධාරීන්ගේ විරැකියාව කෙරෙහි එකිනෙකට වෙනස් හේතූන් පර්යේෂකයින් විසින් ඉදිරිපත් කර ඇති අතර මේ අනුව කලා උපාධිධාරීන්ගේ විරැකියාව කෙරෙහි නිශ්චිත පිළිතුරක් ලැබී නැත. |
en_US |