Abstract:
නිලධාරිවාදය යන්න ප්‍රතිපත්තිමය හා තීරණ ගැනීමේ අයිතිය ශ්‍රම බෙදීම මත පදනම්ව ස්ථර මත ධූරාවලීන් ලෙස බෙදුනු දැඩි විධාන හා නීති රාමු සහිත ආයතන සංවිධාන ක්රමයකි. නිලධාරිවාදය සංකල්පයක් ලෙස ග්‍රීක වචන දෙකකින් වියුත්පන්න වී ඇත. එය “bureau“කාර්යාලය “kratos“ පාලනය හෝ බලය යන අරුත දේ. ඉංග්‍රීසි භාෂාවෙන් “bureaucrac“උක්ත පද දෙකේ එකතුවකි. නිලධාරිවාදය යන යෙදුම ඒ අනුව “කාර්යාලයේ බලය“ හැඳින්වීමට භාවිතා කරයි (Wasim, 2011; Olajide, 2016 සහ lbietani, 2016). නිලධාරිවාදයේ ප්‍රමුඛතම න්‍යායාචාර්යවරයා වන්නේ ජර්මන් ජාතික සමාජ විද්‍යාඥයෙකු වන මැක්ස් වෙබර් ය. නිලධාරි තන්ත්රය නිර්වචනය කරන ලක්ෂණ එය නීති විරෝධී බලතල මත පදනම් වූ වෙනත් සංවිධාන වලින් තියුණු ලෙස වෙනස් කරයි. නිලධාරිවාදයේ න්‍යාය ඉහළ නිලධාරියාට අවසාන අධිකාරිය ඇති ධූරාවලීමය විධාන දාමයක් සහිතයි. එක් එක් සේවකයා නිශ්චිත රැකියාවක් කරන විට ශ්‍රමය සුවිශේෂී බෙදීමක් වේ. පැහැදිලිව අර්ථ දක්වා ඇති සහ තේරුම් ගත් ගත් ආයතනික අරමුණු සමූහයක් සහිත වේ (Ali, 2009). සියලුම සේවකයන් පිළිපැදීමට එකඟ වන පැහැදිලිව ලියා ඇති විධිමත් නීති මාලාවක් සහිතයි. රැකියා ඵලදායිතාවය විනිශ්චය කරනු ලබන්නේ සේවකයාගේ ඵලදායිතාව නිලධාරිවාදය ආයතන ඵලදායිතාවට බලපෑම අධ්‍යයනයේ දී ඇසුරු කොටගත්, නිලධාරී ක්‍රමය ශ්‍රී ලංකාවේ ස්ථාපිත වූයේ බටහිර අධිරාජ්‍යවාදයට නතුවීම සමගිනි. නිලධාරී ක්‍රමය සහිතව වර්ෂ 1800 අගෝස්තු 02 දින ආරම්භ කළ ප්‍රථම දෙපාර්තමේන්තුව මිනින්දෝරු දෙපාර්තමේන්තුවයි (Tambiah, 1953). ඒ අනුව නිලධාරී ක්රමයේ මූලාරම්භයේ සිට යුක්ත වූ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතයක් වන මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ක්‍රමවේදය වර්තමානය වන විටත් ආයතන ඵලදායිතාවයට බලපෑම විමසයි (SDOS, 2014). නිලධාරිවාදයේ කාර්යයන් හා ප්‍රායෝගික තත්වයන් ආයතන ඵලදායීතාවයට බලපාන අයුරු අධ්‍යයනය කරයි. සංකීර්ණ බහු විධ මට්ටමේ පරිපාලන ධූරාවලිය, දෙපාර්තමේන්තු විශේෂීකරණය, අධිකාරිය දැඩි ලෙස බෙදීම, සම්මත විධිමත් දැඩි නීති මාලාවන් හා මෙහෙයුම් ක්‍රියාපටිපාටි යන මූලික නිලධාරිවාදී ලක්ෂණ මත මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ඵලදායිතාවය වන ඉඩම් මැනීමේ කාර්යාලය නිවැරදිව සිදු වනවා ද යන්න අධ්‍යනය කිරීම සිදු කරයි.