Abstract:
කිසියම් රටක ජීවත්වන ජනතාවගේ ආරම්භය හෝ මුල් පදිංචියේ සිට මෑත කාලය දක්වා සිදුව ඇති වෙනස්වීම් සමුදාය ප්‍රදර්ශිත කැඩපතක් වශයෙන් කෞතුකාගාර හඳුනාගත හැකිය. පෞරාණික භාණ්ඩ එක්රැස් කිරීම, සංරක්ෂණය, ප්‍රදර්ශනය කිරීම, ආරක්ෂා කිරීම වැනි වැදගත් කාර්යයන් රැසක් කෞතුකාගාරයකින් සිදුවේ. කෞතුකාගාරයක් සතු භාණ්ඩ ප්‍රදර්ශනය කිරීමේ දී ‘අර්ථකථනය කිරීම හා ඉදිරිපත් කිරීම’ යන සංකල්පය තීරණාත්මකව වැදගත් වේ. මන්ද කෞතුකාගාරයට ලැබෙන ජන ප්‍රසාදය තීරණය කිරීම කෙරෙහි ඒ සම්බන්ධයෙන් අනුගමනය කර තිබෙන ක්‍රියාමාර්ග ඍජුව ම බලපාන බැවිනි. උරුමය අර්ථකථනය හා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු උපායමාර්ග පිළිබඳව 2008 ෂඣඵධී ප්රඥප්තිය මඟින් ද ෆ්රීමන් ටිල්ඩන්, තිමෝති ඇම්බෲස් වැනි අය විසින් ද කරුණු ඉදිරිපත් කර ඇත. ඒවා අවධානයට ගනිමින් ගන්නෝරුව කෘෂි කෞතුකාගාරයේ කෞතුක වස්තු ‘අර්ථකථනය කිරීම හා ඉදිරිපත් කිරීම’ සම්බන්ධයෙන් අනුගමනය කර තිබෙන ක්‍රියාමාර්ග පිළිබඳව ස්වාධීන නිරීක්ෂණයක් සිදුකිරීම මෙහි අරමුණ විය. ගන්නෝරුව කෘෂි කෞතුකාගාරය තුළ කෘෂි උරුමය ‘අර්ථකථනය කිරීම හා ඉදිරිපත් කිරීම’ සම්බන්ධයෙන් විධිමත් ක්‍රමවේද හා උපායමාර්ග අනුගමනය කර තිබේ ද? යන්න මෙහි අධ්‍යයන ගැටලුව විය. අධ්‍යයන ක්‍රමවේදය වශයෙන් පුස්තකාල අධ්‍යයනය සහ ක්ෂේත්‍ර අධ්‍යයනය යන ක්‍රමවේද භාවිත කළ අතර වගු, රුක් සටහන් සහ ඡායාරූප භාවිතයෙන් තොරතුරු වර්ගීකරණය කොට විශ්ලේෂණාත්මක හා සංසන්දනාත්මක අධ්‍යයනය මඟින් අර්ථකථනයන් සිදුකෙරිණි. ‘අර්ථකථනය කිරීම හා ඉදිරිපත් කිරීම’ සම්බන්ධයෙන් ෂඣඵධී ප්රඥප්තිය තුළ දැක්වෙන මූලධර්මවලට මෙන් ම ෆ්රීමන් ටිල්ඩන්, තිමෝති ඇම්බෲස් ඉදිරිපත් කර තිබෙන උපායමාර්ගවලට ද අවධානය යොමුකරමින් ගන්නෝරුව කෘෂි කෞතුකාගාරය තුළ කෞතුක වස්තු නරඹන්නන්ට අර්ථකථනය කොට ඉදිරිපක් කොට තිබේ. එය ප්රශස්ත ආකාරයෙන් සිදුකර තිබෙන බවට නිරීක්ෂණය විය. කොළඹ ජාතික කෞතුකාගාරයේ අංක 15 මැදිරිය සමඟ සැසඳීමේ දී තිමෝති ඇම්බෲස් දක්වන ගතික ඉදිරිපත් කිරීමේ හා අර්ථකථනය කිරීමේ ක්‍රමවේද මේ තුළ අනුගමනය කර නොතිබීම දුර්වලතාවක් ලෙස හඳුනාගත හැකි වූ අතර මෙම කෞතුකාගාරයේ ඉදිරි සාර්ථකත්වය උදෙසා එම ගතික උපායමාර්ගික ක්‍රමවේද අනුගමනය කිරීම වැදගත් බවට පෙන්වාදිය හැකිය.