Abstract:
වර්ෂ 1988 දී යුනෙස්කෝ (UNESCO) ලෝක උරුම සම්මුතිය මඟින් සංස්කෘතික ලෝක උරුමයක් ලෙසින් ප්‍රකාශයට පත්කරන ලද සෙංකඩගල නුවර නොහොත් මහනුවර නගරයේ ඉතිහාසය පිළිබඳව විමසීමේ දී පෙනීයන්නේ එය ඉතා දීර්ඝ කාලයක සිට ක්‍රමයෙන් වර්ධනය වී ඇති බවයි. මෙම නගරයේ ආරම්භය පිළිබඳව විවිධ ආකාරයේ ජනප්‍රවාද රාශියක් ඇතිමුත් විද්වතුන් තුළ මේ කරුණු අරභයා පොදු එකඟතාවයක් ඇති බවක් නොපෙනේ. ඒ අනුව දැනට ඇති ඵෙතිහාසික කරුණු, ජනප්‍රවාද, සිතියම් හා පිඹුරු, එමෙන් ම ඉතිරිව ඇති පුරාවිද්‍යාත්මක ස්මාරක ආදිය කෙරෙහි අවධානය යොමු කරමින් මහනුවර නගරයේ බිහිවීම හා එහි විකාශනය පිළිබඳව ප්‍රමාණාත්මක අධ්‍යනයක් සිදුකිරීම මෙහි මූලික අරමුණයි. ඒ අනුව කාලය හා අවකාශය තුළ මහනුවර නගරයේ වර්ධනය කෙසේ සිදුවී ද? යන්න මෙහි මූලික පර්යේෂණ ගැට`ඵව ලෙසින් දැක්විය හැකිය. එසේම මෙහි පර්යේෂණ ක්‍රමවේදය පශ්චාත් ප්රත්යක්ෂ මූලවාදී විධි ක්‍රම අනුව සිදුකෙරී ඇති අතර එහි දී ගුණාත්මක දත්ත කෙරෙහි වැඩි අවධානයක් යොමුකරන ලදීග ඒ අනුව දත්ත රැස්කිරීම සඳහා ක්ෂේත්‍ර අධ්‍යයනය, සම්මුඛ සාකච්ඡා හා පුස්තකාල අධ්‍යයනයන් මූලික වශයෙන් සිදුකරන ලදීග ප්රාග් ඵෙතිහාසික යුගයේ සිට ජනාවාස ලෙසින් පැවති මෙම භූ කලාපය ගම්පොළ රාජධානි සමයේ දී නගරයක් ලෙසින් ක්‍රමයෙන් වර්ධනය හා විකාශනය වීම සිදුව ඇත. එහි දී රජු හා දෙවියන් මූලික වුණු සැලසුමක් අනුව සිදුවී ඇති බව හඳුනාගත හැකිය. මහනුවර රාජධානී සමයේ දී එහි අග නගරය ලෙසින් මෙහි උපරිම අවස්ථාවට පත්වී ඇති අතර නගර සංවර්ධනයේ දී එහි ආරක්ෂාව කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වා ඇති බව හඳුනාගත හැකිය. නමුත් විවිධ අවස්ථාවන්හි දී මෙම නගරය දෙස් විදෙස් ආක්‍රමණිකයන් විසින් විනාශකර ඇති අතර එම කාලයන් තුළ එහි පාලකයින් විසින් යළි ගොඩනැඟීම ද මෙහි ඇති සුවිශේෂී ලක්ෂණයක් ලෙසින් පෙන්වාදිය හැකිය. එසේ ම බි්රතාන්යන් විසින් මහනුවර බලය අල්ලාගෙන සිටි කාලයේ පැවති ඵෙතිහාසික භූ දර්ශනය වර්තමානය වන විට සැලකිය යුතු මට්ටමකින් ආරක්ෂා වී ඇති ආකාරය ද මේ තුලින් හඳුනාගත හැකිය.