Abstract:
ඉන්දියානු සාගරයේ පිහිටි භූමි ප්‍රමාණය අතින් කුඩා දිවයිනක් වුවද විවිධ දේශගුණික, කාලගුණික, භූවිද්‍යාත්මක සාධකයන් පදනම්ව ස්වභාවිකව නිර්මාණය වී ඇති වනාන්තර පද්ධති රැසක් ශ්‍රී ලංකාවේ ස්වභාවික උරුමයන් අතර හඳුනාගත හැක. වර්තමානයේ ස්වභාවික උරුමයන්ගේ විනාශයට මානව ක්‍රියාකාරකම් ප්‍රධානත ම හේතුවක් වන බැවින් ස්වභාවික උරුමයන්ට තර්ජනයක් වන මානව ක්‍රියාකාරකම් පාලනය කිරීමට ශක්තිමත් නීතියක පැවැත්ම අත්‍යවශ්‍ය සාධකයකි. මෙරට නීතිය පිළිබඳ අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ වනාන්තර ආරක්ෂා කිරීම සඳහා ප්‍රමාණවත් නෛතික යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වන්නේ ද යන්න මෙහි පර්යේෂණ ගැටලුව වන අතර ඒ ඔස්සේ වනාන්තර ආරක්ෂා කිරීමේ දී මෙරට නීතියේ පවතින දුර්වලතාවයන් හඳුනාගනිමින් අනාගත නීති සංශෝධනයන් සිදු කිරීමේ දී අවධානය යොමු කළ යුතු තත්වයන් පිබඳව නිර්ණායකයන් හඳුනාගැනීම මෙම පර්යේෂණයේ මූලික අරමුණයි. මෙහිදී නීතිය පිළිබඳ මූලාශ්‍ර වශයෙන් ව්‍යවස්ථා, නඩු තීන්දු, අන්තර්ජාතික සම්මුතීන් ආදිය අධ්‍යයනය කරමින් සමාජ විද්‍යා පර්යේෂණයන් හි දී යොදාගනු ලබන දත්ත රැස් කිරීමේ ගුණාත්මක පර්යේෂණ ක්‍රමවේදය භාවිත කර ඇත. බි්රතාන්ය පාලන සමයේ සම්පාදනය කරන ලද 1907 අංක 16 දරණ කැළෑ ආඥා පනත ප්රමුඛව 1937 අංක 02 දරණ වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥා පනත, 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනත, 1988 අංක 03 දරණ ජාතික උරුම වන භූමි පනත, ආදී වශයෙන් වන සංරක්ෂණය සඳහා ඍජු හා වක්‍ර වශයෙන් දායක කර ගත හැකි ව්‍යවස්ථා ගණනාවක් මෙරට නීති පද්ධතිය තුළ හඳුනාගත හැක. අවිධිමත් සංවර්ධන ව්‍යාපෘති, ජනගහණ වර්ධනය, ජනාවාසකරණය, නාගරීකරණය, වගා කටයුතු හේතුවෙන් වනභූමි විනාශ වීම දිනෙන් දින ඉහළ යන අතර එහි අනාගත අවධානම පිළිබඳ සැළකිය යුතු අවධානයක් යොමු කරන බවක් නොපෙනේ. පවත්නා නීතිය වුවද ක්‍රියාත්මකවීමේ දී අක්‍රමිකතා හඳුනාගත හැක. එබැවින් වන සංරක්ෂණ නීති ව්‍යවස්ථා සඳහා වරින් වර සංශෝධනයන් සිදු වුවද වර්තමාන තරඟකාරී ලෝකය තුළ සීඝ්‍ර සංවර්ධන ඉලක්කයන් කරා ගමන් කිරීමේදී තිරසර සංවර්ධනය පෙරදැරිව ස්වභාවික වනභූමි සඳහා වන හානිය අවම කිරීමට නව නීති සම්පාදනය කිරීමත්, ජාත්‍යන්තර නීති තත්වයන් හා මාර්ගෝපදේශ අනුගමනය කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වැනි ප්‍රබල නීතියක හා ජාතික ප්රතිපත්තියක අවශ්‍යතාවන් ආදිය කෙරෙහි අවධානය යොමු කරමින් මෙරට නෛතික යාන්ත්‍රණය සවිබල ගැන්විය යුතුය.